ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී මර්ධනය සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව දැනුම්වත් කරමින් යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ජිනීවාහි මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට සංවිධානය කර තිබූ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය අද (28) දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.
ඒ ඒ රටවල වැඩ වාසය කරන සංඝයාවහන්සේ ද මේ අවස්ථාවට වැඩම කර සිටියහ.
යුරෝපයේ රටවල් දහයක පිරිස් උද්ඝෝෂණට එක් වී උන්හ. ඉතාලියෙන් බස් රථ පහක්ද, ප්‍රංශයෙන්, එක්සත් රාජධානියෙන්, සංවිධානය වූ බස්රථ ද පැමිණ තිබිණි.
විශේෂත්වය වන්නේ පුරා පැය 25ක ගමනක යෙදෙමින් පෝලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකක පිරිසක් ද මෙම උද්ඝෝෂණ භූමියට පැමිණ සිටීමය.
ඊට අමතරව විශාල පිරිසක් පුද්ගලිකව සිය ප්‍රවාහනය සපයාගෙන තිබිණි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගෙන අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම, රැඳවුම් නියෝග සහිතව රඳවා ගැනීම, ඇතුළු මානව හිමිකම් උල්ලංඝණය කරන ත්‍රාඩ නීති ක්‍රියාත්මක කරමින් සිදුකරන මර්ධනය සම්බන්ධව මෙහිදී දැඩි විරෝධය පල කෙරනි.
පුරා පැය දෙකක් තිස්සේ විරෝධතාකරුවෝ සිය උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වූහ.