කීර්ති ප්‍රනාන්දු –
රුපියල් දෙකෝටි තිස් තුන් ලක්ෂයක් වටිනා රිදී ආභරණ සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් අද (28) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.
ඇය අද අද අලුයම 02.45 ට ඉන්දියාවේ චෙන්නායි සිට, ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.
මෙම රන් ආභරණ තොගය කිලෝ ග්රැම් 01 යි ග්රැම් 638 ක් විය රදී ආභරණ තොගය කිලෝ ග්රැම් 01 යි ග්රැම් 600 ක් විය.
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී.ප්‍රසාන්ත් මහත්මිය විසින් පැවැත්වූ අතර එහිදී මෙම ආභරණ සියල්ල රාජසන්තක කිරීමට නියෝග කෙරිනි. වරදකාරියට 30,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළාය.







