තුෂාරී කළුබෝවිල –
ඇතිවිය හැකි වැසි සහ තද සුළං පිළිබඳ සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සබරගමුව පළාතේ බොහෝ ප්‍රදේශ, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ඔවුහූ පවසති.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ද ඇති විය හැකි බව පැවසේ.
කඳුකර ප්‍රදේශවල නායයාම් අවධානම සහිත ප්‍රදේශවල හා ජලාශ ආශ්‍රිත ව පහත් බිම්වල ජීවත් වන ජනතාව විමසිලිමත් වන ලෙස ද අවධාරණය කෙරේ.
කඳුකර ප්‍රදේශවල මාර්ග භාවිත කරන්නන් හා වාහන පදවන්නන් ද එම මාර්ග භාවිතයේදී සැලකිලිමත් විය යුතු වේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, කඩා වැටෙන විදුලි රැහැන්වලින් ආරක්ෂා වන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි.