ඉන්දීය ජාතිකයින් හට විදේශයන් හිදී ව්‍යාපාර කිරීම සම්බන්ධයෙන් මෙතක් පනවා තිබූ ‟සීමාවන් ඉවත් කිරීමට එරට මුදල් අමාත්‍යංශය පියවරගෙන තිබේ.
ඒ අනුව මෙම නව තීරණය පිළිබඳ නිවේදනය කිරමින් ඉන්දීය මුදල් අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක්ද නිකුත් කර තිබිණි.
එහිදී ඉන්දීය මුදල් අමාත්‍යංශය පෙන්වා දී තිබුණේ, ‟ඉන්දියාවේ ව්‍යාපාරවල මේවන විට වර්ධනය වන පසුබිමක් මතත් විශාල වශයෙන් ගෝලීය වෙළෙඳ පොලත් සමඟ ඒකාබද්ධ වීමත් තුල, ගෝලීය වටිනාකම් දාමයේ කොටසක් වීමට ඉන්දියානු ව්‍යාපාර සඳහා අවශ්‍ය වී තිබේ. ඒ අනුව විදේශ ආයෝජන සඳහා පවතින නීති සහ රෙගුලාසි වර්ථමාන ව්‍යාපාර සහ ආර්ථික පරිසරයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමීට පියවර ගෙන තිබේ,” යනුවෙනි.
මේවන විට ඉන්දීය ව්‍යාපාර ගෝලීය වශයෙන් ව්‍යාප්තව පවතින අතර සිය මෙහෙයුම් කටයුතු ඉතාම පුළුල් සහ සංකීරණ වී ඇත. එවැනි තත්ත්වයක් මත මෙතෙක් අනුගමනය කළ මූල්‍ය රෙගුලාසි භාදවක්ව ඇත. එබැවින් ඉන්දීය මුදල් අමාත්‍යංශය විසින් මෙම නව තීරණය ගෙන ඇත.
මෙම නව නීතී සංශෝධනයත් සමඟ ඉන්දියාවේ වෙසෙන පුද්ගලයින් හට ඉතාම පහසුවෙන් විදේශයන් හී අයෝජනය කිරීමට අවස්ථාව හිමවනු ඇති අතර දේපල අත්පත් කරගැනීමද ඉතා පහසුවෙනු ඇත.
දැනට පවතින නීති වලට අනුව ඉන්දීය ජාතිකයෙකුට වසරක විදේශයක අයෝජනය කිරීමට අවසර හිමිවන්නේ ඇමරිකානු ඩොලර් දෙලක්ෂ පනස් දහසක් පමණක් වන අතර එය ඉදිරියේදී ඉහළයනු ඇත.