බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කවුරුත් ආදරය කළ මිනිස්සුන්ගේ  දේශපාලකයා… කුමාර වෙල්ගම දිවි සැරිය නිමා කරයි!

by editor
සැප්තැම්බර් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කුමන දේශපාලන පක්ෂයක සිටියත් පොදුවේ සියලු දෙනාගේම ආදරයට පත් වූ  දේශපාඥයන් අතලොස්ස අතර සිටි   වෙල්ගම දිවි සැරියෙන් සමුගෙන තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්  සිටිය දී අද 28 අලුයම අභාවප්‍රාප්ත වූ කුමාර වෙල්ගම දිවි ගමන නිමා කරන විට  74 වැනි වියෙහි පසුවූයේය.

කුමාර වෙල්ගම යනු  හැට සහ හැත්තෑව දශකවල දී  ගොඩනැගුන මේ රටේ දේශීය ව්‍යාපාර පන්තියේ ප්‍රමුඛයෙක් වූ එස්.ඒ වෙල්ගම ගේ පුත්‍රයෙකි. ව්‍යාපාරික  සමාජයේ පහළම තැන්න් ආරම්භ කර විශිෂ්ට ව්‍යාපාරිකයෙක් සහ ව්‍යවසායකයෙක් වූ එස්.ඒ වෙල්ගමගේ ව්‍යක්ත ව්‍යාපාර පරිපාලනය සහිත ඍජු බව සහිතව කුමාර වෙල්ගම ගොඩනැගුනේයත

ඔහු මුලින්ම දේශපාලනයට පැමිණෙන්නේ මීට වසර 40කට පෙරය. ඒ අගලවත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙසය. එතැන් සිට  1994 සහ 2024 අතර 30 වසරක කාලයේ දී  කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පුරා වසර 30ක් ඔහු අඛණ්ඩව කටයුතු කළේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

කුමාර  වෙල්ගම    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස එක්සත් ජනතා සන්ධානය ගොඩනැගීමට කටයුතු කළේය. ඔහු සන්ධාන රජයේ  අමාත්‍යවරයකු ලෙස ද ක්‍රියා කළේය.

පැවති දේශපාලන විඝටන හමුවේ ඔහු හෘදය සාක්ෂියට එකඟව තීන්දු ගත් දේශපාලකයෙකි. සිය මතය මොනතරම් ව්‍යාකූල තත්ත්වයක් හමුවේ වුව ද ඔහු පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. අවසන් වරට පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදීත් ඔහු කීවේ මේ රටේ මෙතෙක් ඇමතිකම් දැරූ තමා ඇතුළු සියලුම ඇමතිවරුන් හොරකම් කළ බවය. වංගු ගැසූ බවය. දැන් ඒ දූෂිත කාලය නිමා කළ නව දේශපාලන පරිවර්තනයක් අවශ්‍ය බවය.

කෙසේ වෙතත් අරගල සමයේ ඔහුට පහර දී ඔහුගේ රිය ගිනි තැබීමේ සිදුවීම පිළිබඳව ඔහු සිටියේ මහත් කම්පනයකිනි. මිනිසුන් සමග සිටි දේශපාලකයෙක් ලෙස එය ඔහු බලාපොරොත්තු වූවක් නොවේ.  ඒ සම්බන්ධව ජාතික ජන බලවේගය ඔහුගේ දැඩි විවේදනයට ලක් වූයේය. මේ සිදුවීමට පෙර අවධියේ දි  ඔහු සිටියේ ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළට විවේචනාත්මක සහයෝගයක් පාර්ලිමේන්තු තුළ දක්වමිනි.

2020 වසරේ සිට ඔහු නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා වූ අතර සමගි ජන බලවේගය සමඟ එක්ව මැතිවරණයට ඉදිරිපත් විය.

කුමාර වෙල්ගම   1984 සිට 2000 දක්වා අගලවත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විය. වෙල්ගම මහතා 2007 සිට 2010 දක්වා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා වූ අතර 2010 සිට 2015 මුල් භාගය දක්වා ශ්‍රීලනිපය ප්‍රමුඛ රජයන්හි ප්‍රවාහන අමාත්‍යවරයා විය.

2019 වසර දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුව සිටි වෙල්ගම ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහය දීමෙන් පසු රාජපක්ෂ පවුලට නැවත පැමිණීමට මග පාදා පක්ෂයෙන් ඉවත් විය.

ඔහු ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ  අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දුන්නේය.  නව ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්ෂයක් ආරම්භ කළ අතර, එය 2020 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේග සන්ධානයට එක් විය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔබේ විනිවිදභාවය සහිත වැඩපිළිවෙළට අපේ පූර්ණ සහාය… KOICA  නව රජයට දන්වයි!

Next Post

හකීම්ලා මනෝ ගනේෂන්ලා එකට එක් වී දෙමළ මුස්ලිම් සන්ධානයකට සූදානමක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.