කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි 15 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කී කරාපිටිය රෝහලේ වෛද්‍යවරයා අද පොලිසියට භාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර අධිකරණය මගින් ලක්ෂ තුනක ශරීර ඇප දෙකක් මත අද (12) මුදා හැර තිබේ.
ඇප ලබා දීමට පොලිසිය විරෝධතාවය පල කළත් අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට අද දින ඉදිරිපත් නොවීම හේතුවෙන් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ විසින් සැක කරු ඇප මත මුදා හැරීමට කටයුතු කර ලබන 14 වැනිදා යළි නඩුව කැඳවීමට නියෝග කර තිබේ.
දැරිය අපයෝජනයට ලක් වී තිබුණ බව කීවේ රෝහලේ විකිරණ අංශය තුළය. මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් රෝහල මගින්ද පරික්ෂණයක් ආරම්භකොට ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය වෛද්‍ය එස් පි. යු.එම් රංග කීවේය.
මෙම සිද්ධිය සම්බන්ද පැමිණිල්ල දැරිය නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා විසින් තමන් වෙත යොමුකොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා කීවේය
දැරිය ස්කෑන් පරික්ෂණයට ලක්කරන අවස්ථාවේ දි එහි රෝහල් උපස්ථායිකාවක් ද සිට ඇති බවත් එවැනි සිද්ධියක් සිදුවී නොමැති බවට එම උපස්ථායිකාව සඳහන්කොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.
මෙම දැරියගේ මව විසින් මෙම සිද්ධිය සම්බන්දව ගාල්ල පොලිසියේ ළමා හා කාන්තාකාර්යංශය වෙත කරණු ලැබු පැමිණිල්ලකට අනුව අදාල වෛද්‍යවරයා සම්බන්දයෙන් විමර්ශනය ආරම්භකොට ඇත.
මෙම දැරිය රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සදහා මවත් සමග ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව නේවාසික ප්‍රථිකාර ලබාගෙන සිට ඇත.
ඉකුත් 08 වැනිදින දැරිය ස්කෑන් පරික්ෂණයක් සඳහා විකිරණ අංශය වෙත ගොස් ඇත. ස්කෑන් පරික්ෂණය සිදුකිරිමේ දී එහි සිටි සැකකාර වෛද්‍යවරයා විසින් මෙම දැරිය බරපතල ලෙස ලිංගිකව අපයෝජනයට ලක්කොට ඇති බව පොලිසිය පවසයි.
ස්කෑන් පරික්ෂණයෙන් පසු දැරිය නේවාසිකව සිටින වාට්ටුවට ගොස් ඇත. තමන්ගේ රහස් ප්‍රදේශය රිදෙන බව දැරිය තම මවට ප්‍රකාශකොට ඇත. ඒ පිළිබද මව දැරියගෙන් විමසා ඇත. දැරිය මවට සියල්ල ප්‍රකාශකොට ඇත.
පසුව මේ පිළිබඳ රෝහලේ වාට්ටුවේ සිටි ප්‍රධාන වෛද්‍යවරයාටද පැමිණිලි කර ඇත. පසුව මේ පිළිබද මව දැරියත් සමග පැමිණ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තාකාර්යංශය වෙත පැමිණිලිකොට ඇත. දැරියගෙන් මේ සිද්ධිය සම්බන්ධව පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
සැකකාර වෛද්‍යවරයා සැඟවී සිටි බැවින් සිද්ධිය සිදුවී දින තුනක් ගතවනතුරුත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි විය. ඔහු අද පොලිසියට පැමිණ භාර වූයේය.
වෛද්‍ය වෘත්තීය සංගම් මැදිහත් වී මෙම ළමා අපචාර සිද්ධිය සම්බන්ධව වෛද්‍යවරයාගේ මැදිහත්වීම පිළිබඳව වසන් කිරීමට බලපෑම් එල්ලවෙමින් ඇති බව ඊයේ වාර්තා විය.







