කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා මේ දක්වා සිදුකර ඇති විදේශ සංචාර විස්තර තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාදෙන ලෙස යටියන්තොට එක්සත් ජාතික පක්ෂ ප්රධාන සංවිධායක මහේෂ් සේනානායක මහතා අද ඉල්ලීමක් කර තිබේ.
එම විදේශ සංචාර සදහා වැය වී ඇති මුදල සහ ඔහු සමග සංචාරයට සහභාගි වූ අයගේ තොරතුරු ද ලබාදෙන්නැයි කඩුගන්නාව නගර සභාවේ තොරතුරු නිලධාරියා වෙත ඔහු ලිඛිිත ඉල්ලීමක් කර ඇත.