ශ්‍රියානි විජේසිංහ –
බෝනොවන රෝගවලින් පෙළෙන අය විශේෂයෙන්ම අවුරුදු සමය තුළ ආරක්ෂාකාරීවන ලෙසත්, සාමාන්‍යයෙන් සිංහල අවුරුදු සමය අවසන් වීමත් සමග දැනට සිටින රෝගීන්ගේ රෝග වර්ධනයක් හා අලුත් රෝගීන් වාර්තා වීමක් පෙන්නුම් කරන බව බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කරයි.
පුද්ගලයෙකු දෛනිකව ලබා ගන්නා කැළරි ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම, ව්‍යායාම නොකිරිම වැනි හේතු බෝනොවන රෝග ඇතිවීමට ප්‍රධාන හේතුවක් බව එම කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සදහන් කරයි.
මේ දිනවල පැණිරස, තෙල් හා පාන්පිටි මිශ්‍ර ආහාර වැඩිවශයෙන් කෑමට පෙළඹීබෙන බැවින් ඒ පිලිබඳව දෙවරක් සිතන්නැයි ද විශේෂඥ වෛද්‍යවරයා කියයි.
බෝනොවන රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයින් නොකඩවා තමන්ගේ ඖෂධ නිසි මාත්රාවන්ගෙන් නිසි වේලාවට ලබා ගන්නැයිද හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.