කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක සිදු වූ හදිසි පිපිරීමකින් තරුණයෙකුට ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම පිපිරීම ඊයේ (09) සවස් කාලයේ සිදුව ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ තරුණයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට වාර්තාවීමත් සමඟ කටාන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාල පිපිරීමෙන් මරණය පත්ව ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ක තරුණයෙක් බවට වාර්තාවේ.
මියගිය තරුණයා අදාළ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර එහි එළිමහන් මඩුවක් තුළදී මෙම පිපිරීම සිදුවී ඇති බවට මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.







