අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔන්ලයින් පනත ගැන දැන දැන බොරු කියා පාර්ලිමේන්තු ක්‍රමය හෑල්ලු කරන්න එපා… මන්ත්‍රීවරුන්ට කතානායකගෙන් නිවේදනයක්!

by editor
පෙබරවාරි 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව සම්මත කර ඇති බවට සිදුකරන ප්‍රකාශය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරමින් කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ අවධාරණය කරන්නේ  නීතිපති දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලද පරිදි, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද බවත්,   පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සමග එක්ව සිදුකරන ඒකාබද්ධ ක්‍රියාවලියක් බැවින්, පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයකට අනුකූල නොවන ආකාරයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන ආකාරයකට කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාවක් නැති බවත් ය.

කථානායක කාර්යාලය මන්ත්‍රීවරුන් වෙත දන්වා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ එහි කොටස් පිළිබඳව විනිශ්චය කරනු ලබන්නේ සමස්තය සැලකිල්ලට ගෙන මිස එහි ප්‍රතිවිරුද්ධ පිළිවෙළට නොවන බැවින්, පාර්ලිමේන්තුව අපකීර්තියට පත් කිරීම හෝ එහි විශ්වාසනීයත්වය හෑල්ලුවට ලක් කිරීම යහපත් දෙයක් නොවන බවය.

එම නිවේදනය පහත දැක්වේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව සම්මත කර ඇති බවට දැනුවත්භාවයෙන් තොරව සහ පදනම් විරහිත ලෙස පළකර ඇති වාර්තා පිළිබඳව කථානායක කාර්යාලය විසින් මහජනතාවට කරනු ලබන පැහැදිලි කිරීම    

දිනය :     2024-02-06

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත වීම සහ ඉන්පසුව බලාත්මක කරනු ලැබීම පිළිබඳව පළවන වාර්තා පොදු යහපත පිණිස නිවැරදි කිරීම සඳහා මෙම ප්‍රකාශය නිකුත් කරනු ලැබේ. මහජනතාවගේ දැනගැනීම පිණිස සහ රැවටීමට ලක්වීම වැළැක්වීම සඳහා, නීතියක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙසේ පැහැදිලි කරනු ලැබේ.

යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ඕනෑම අයෙකුට එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම විරෝධතා සලකා බලනු ලැබීමෙන් අනතුරුව සති තුනක කාලයක් ඇතුළත ස්වකීය තීරණය කථානායකවරයා වෙත දැනුම් දෙනු ලැබේ. කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමන් වෙත දැනුම් දෙනු ලැබීමෙන් අනතුරුව එළඹෙන පළමු වැනි පාර්ලිමේන්තු රැස්වීම් සතියේ පළමු වැනි දිනයේ දී ම එම තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය කර, එම සම්පූර්ණ තීරණය එදිනම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙහි පළ කරන ලෙසට ද නියෝග කරයි.

ඉහත සඳහන් කළ ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින්, 2023 ඔක්තෝබර් 03 වැනි දින මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව කථානායකතුමා 2023 නොවැම්බර් මස 07 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය කර එය එදින හැන්සාඩ් වාර්තාවේ පළ කරන ලෙසට ද නියෝග කළේය. ඉන්පසුව එය උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශ්වයකට ප්‍රවේශ විය හැකි ප්‍රසිද්ධ ලියවිල්ලක් බවට පත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව, අදාළ අමාත්‍යාංශය විසින් (මෙහිදී, මහජන ආරක්ෂක අමාත්‍යාංශය) නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන ඉදිරිපත් කරනු ලැබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි මෙම සංශෝධන ඉදිරිපත් කිරීම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ පාර්ශ්වය විසින් සිදුකරනු ලැබේ. එම සංශෝධන භාෂා ත්‍රිත්වයෙන් ම මුද්‍රණය කර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදා දෙනු ලැබේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද මෙම ක්‍රියාවලිය ම අනුගමනය කරන ලද අතර, එම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයේ පළමුවැනි දිනය වූ 2024 ජනවාරි 23 වැනි දින පෙරවරුවේ අදාළ සංශෝධන සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත භාෂා ත්‍රිත්වයෙන් ම මුද්‍රණය කර බෙදා දෙන ලදී.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දින දෙකක් විවාදයට ගනු ලැබූ අතර, එහි කාරක සභා අවස්ථාව එම විවාදයේ දෙවැනි දිනය වූ 2024 ජනවාරි 24 වැනි දින පස්වරු 5.00 ට ආරම්භ විය. එම පනත් කෙටුම්පත වගන්තියෙන් වගන්තිය සම්මත කර ගන්නා අවස්ථාවේ කථානායකතුමා මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශය විසින් ලබා දෙන ලද සංශෝධන ලැයිස්තුව අනුව එක් එක් සංශෝධනය සම්මත කර ගැනීම සඳහා සභාවට ඉදිරිපත් කිරීමට සැලැස්වූයේය. එම අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ රාජ්‍ය නිලධාරීන් සඳහා වෙන් කර ඇති නිල මැදිරියේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයට අනුව අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු සංශෝධන සියල්ල කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කළ සංශෝධන මගින් ඇතුළත් කර ඇති බව කථානායකතුමාට දැනුම් දුන්නේය.

මේ අවස්ථාවේ ගරු එම්.ඒ. සුමන්තිරන් මහතා යම් යම් ගැටලු ඉස්මතු කළ බැවින්, ඒ සම්බන්ධයෙන් ඒ මහතාට වැඩිදුරටත් කරුණු පැහැදිලි කර දෙන ලෙස කථානායකතුමා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටි අතර, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ අනුව කටයුතු කළේය.

එකී සංශෝධන ඉදිරිපත් කර කාරක සභා අවස්ථාවේදී සලකා බලනු ලැබීමෙන් අනතුරුව, සෑම පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ම අනුගමනය කරන ක්‍රියාවලිය අනුගමනය කරමින්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ද තුන්වැනි වර කියවීමෙන් පසුව යථා පරිදි පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

 එම අවස්ථාවේදී නීතිපතිවරයා මෙම සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මගින් ලබා දී ඇති උපදෙස් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව සහතික කරමින් ස්වකීය සහතිකය ද ලබා දුන්නේය.

මෙම සමස්ත ක්‍රියාවලියේදී ම, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළුව කවර හෝ පාර්ශ්වයක් විසින් යෝජනා කරනු ලබන සංශෝධනයක්/සංශෝධන සහ/හෝ නිර්දේශ/යෝජනා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කථානායකවරයාට වගකීමක් හෝ බලයක් නැත. එම බලය සම්පූර්ණයෙන් ම පාර්ලිමේන්තුව සතු වේ; එනම් එහි මන්ත්‍රීවරුන්ට, බොහෝ විට බහුතර ඡන්දයෙන් එය සිදු කළ හැක.

යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ දී සම්මත වූ විට, ආණ්ඩුකම ව්‍යවස්ථාවෙහි 79 සහ 80 ව්‍යවස්ථාවන් ප්‍රකාරව එම පනත් කෙටුම්පත පිළිබඳ සහතිකය අත්සන් කිරීමට කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බැඳී සිටියි. ඒ අනුව කථානායකතුමා අදාළ සංශෝධන ද අන්තර්ගත කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත බවට පත්කරමින් එකී පනත් කෙටුම්පත පිළිබඳ සහතිකය 2024.02.02 වැනි දින අත්සන් කළේය.

මේ අනුව, නීතිපති දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලද පරිදි, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සමග එක්ව සිදුකරන ඒකාබද්ධ ක්‍රියාවලියක් බැවින්, පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයකට අනුකූල නොවන ආකාරයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන ආකාරයකට කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාවක් නැත.

මෙම ක්‍රියාවලිය පිළිබඳව වඩාත් හොඳින් දැනුවත්ව සිටිය යුතු අය මේ සම්බන්ධයෙන් වෙනත් ආකාරයකින් ප්‍රකාශ කිරීම කනගාටුවට කරුණක් වන අතර, කථානායකවරයාට ස්වකීය අභිමතය පරිදි නීති පැනවීමට හෝ පනත් කෙටුම්පත්වලට සංශෝධන ඉදිරිපත් කිරීමට හැකි බවට අවධාරණය කිරීම නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඔවුන්ගේම දැනුමට කරන අපහාසයකි.

ඇතැම් මන්ත්‍රීවරුන්ගේ චර්යාව හේතුවෙන් මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ කාරක සභා අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය හා අනුකූල වන බව සහතික කිරීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් ද පැමිණ සිටීම අවශ්‍ය කරන තරමට (2017 පළාත් සභා මැතිවරණ සංශෝධන පනතෙන් පසුව) එම මන්ත්‍රීවරුන්ගේ සවිඥාණය වැඩිදියුණු වී ඇති බව පෙනෙන්නට තිබීම දිරිගන්වන සුළු කරුණක් වන නමුත්, ඉහත පැහැදිලි කළ පරිදි කථානායකවරයාට එවැනි ගැටලු සම්බන්ධයෙන් කිසිදු අභිමතයක් නොමැති බැවින්, නොසලකා හරිනු ලැබ ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද කවර නිර්දේශ දැයි එම මන්ත්‍රීවරුන් නිශ්චිතව සඳහන් කරන්නේ නම් අදාළ බලධාරීන්ට එවැනි චෝදනා වලට ප්‍රතිචාර දැක්වීමට හැකි වනු ඇත.

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පැමිණ 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත කර ගැනීම හා සම්බන්ධ සියලු ම ලියකියවිලි සහ ක්‍රියාපටිපාටි පරීක්‍ෂා කර කරුණු හොඳින් අවබෝධ කර ගැනීමට සහ විෂය පිළිබඳ දැනුමක් ඇති නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගැනීමට හැකි බැවින් ඒ සඳහා සාදරයෙන් ආරාධනය කරන්නෙමු.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ එහි කොටස් පිළිබඳව විනිශ්චය කරනු ලබන්නේ සමස්තය සැලකිල්ලට ගෙන මිස එහි ප්‍රතිවිරුද්ධ පිළිවෙළට නොවන බැවින්, පාර්ලිමේන්තුව අපකීර්තියට පත් කිරීම හෝ එහි විශ්වාසනීයත්වය හෑල්ලුවට ලක් කිරීම යහපත් දෙයක් නොවන බව කථානායක කාර්යාලය සියලුම මන්ත්‍රීවරුන්ට මෙයින් නැවත සිහිපත් කර දෙයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

2022 ට සාපේක්ෂව  මන්දපෝෂණය අඩුවෙලා…. ඒත් තවමත් උග්‍ර මන්දපෝෂිත දරුවන් 15758ක් මධ්‍යස්ථ මන්දපෝෂිත දරුවන් 120230ක් රට තුළ… 

Next Post

අනුර ඇතුළු පිරිස “ස්වාධීන ගෝලීය බුද්ධිමතුන් ගේ එකතුව” සමග හමුවක…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.