සතොස සහන මල්ල පිළිබඳව එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රජයේ සහන ව්‍යාපෘතියක් කඩාකප්පල් කිරීමට කටයුතු කළ තැනැත්තාව අත්අඩංගුවට ගත්තේ තමන් මැදිහත් වීමෙන් නොව, එම පුද්ගලයාගේ ප්‍රකාශ නිසා අපහසුතාවයට පත්වුනු මුහුණු ආවරණ සැපයුම්කාර සමාගම, තේ කොල සැපයුම්කාර සමාගම හා සතොස සභාපතිවරයා කළ පැමිණිලිවලට බවත් තමන්ට කළ අපහාසය සම්බන්ධව මෙම පුද්ගලයා වෙනුවෙන් තම නීතිඥයන් ලවා එම පුද්ගලයා වෙත එන්තරවාසියක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඇමතිවරයා ඒ බව ප්‍රකාශ කළේ සතොස සහන මල්ල විවේචනය කළ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමයේ සභාපති අසේල සම්පත්ට ඇප ලබාදීමදීමට ඇති බාධකය සම්බන්ධව ඊයේ දිනයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
එහිදී වෙළෙඳ ඇමතිවරයා කීවේ මේ බඩු මල්ලෙන් අඩුම තරමින් රුපියල් 300ක වාසියක් පාරිභෝගිකයාට ලැබෙන ආකාරය පාර්ලිමේන්තුවේ දී තමන් සහේතුකව පෙන්වා දුන් බවය.
එසේ තිබිය දී රජය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක අඩංගු ආහාර ද්‍රව්‍යවල වස විස අඩංගු බව කියමින් මුළු ව්‍යාපෘතියකම ව්‍යසනයට ලක් කරන පුද්ගලයන් විසින් ඉටු කරනු ලබන්නේ කාගේ උවමනාවක් දැයි තමන් නොදන්නා බව කීවේය.
තමන් වංචාවක් දූෂණයක් කර ඇති බව ඔප්පු කළ හැකි නම් වෙළෙඳ ඇමති ධුරයේ එක පැයක් රැඳී නොසිටින බවත් බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.