2021 අප්‍රේල් 21 දින පාර්ලිමේන්තු සභා ගර්භයේ දී හා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදුවූ සිද්ධීන් පිළිබඳ සොයා බලා ඒවට ගත යුතු පියවර කවරේද යන්නත්, ඉදිරියේ දී එවැනි සිද්ධීන් ඇතිනොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්නත් සොයා බලා නිර්දේශ කිරීමට හැකි වන පරිදි නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් කතානායකවරයා විසින් අද (23) පත් කරනු ලැබුවේය.
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවට චමල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඉම්තියාස් බාකිර් මාකර්, ආර්.රම්. රන්ජිත් බණ්ඩාර සහ එම්.ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරු නම් කිරීමට කතානායකවරයා කටයුතු කළේය.