දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ දින 03ක දී කොවිඩ් ආසාදිතයන් 105ක් වාර්තා වීමත් සමග එම ප්‍රදේශයට සංචරණ සීමා පනවන ලෙස සෞඛ්‍ය අංශ කොවිඩ් මර්ධන ක්‍රියාන්විත ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.
දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අස්වැන්නවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයකින් හා අඹගහලන්ද ප්‍රදේශයේ විනෝද චාරිකා සඳහා සහභාගී වූ පිරිසකගෙන් ආරම්භ වී පැතිරී යමින් ඇති මෙම රෝගීන් ප්‍රමාණය සලකා බලනවිට ඉතා වේගෙයෙන් ප්‍රදේශය පුරා කොවිඩ් ව්‍යාප්තවීමේ අවදානම ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
පසුගිය 19 දා අස්වැන්න වත්ත ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් රෝගීන් 31 දෙනෙක් ද, ඊයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් රෝගීන් 15 දෙනෙක් ද වාර්තා වී ඇත.
අස්වැන්නවත්ත අවුරුදු උත්සවයෙන් මේ වනවිට රෝගීන් 37 දෙනෙක් වාර්තා වී ඇත.