පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන ප්‍රහාරකයා වූ සහරාන් හෂීම් ගේ අන්තවාදය පැතිරවීමේ දේශනා සඳහා එක්වූ ඔහුගේ මාමණ්ඩිය ( බිරියගේ පියා) ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් අත් අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් තිදෙනාම අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වයස අවරුදු 55, 53 සහ 40 යන වයස්වල පසුවන බවත් ඔවුන් 2018 වසරේ දී අන්තවාදී දේශන සඳහා සහභාගී වී ඇති බවත් පොලිස් මාධය ප්‍රකාශකවරයා පැවසීය.