හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි අද නියම කළාය.
දිළිඳු ගොවීන්ට සහනදායි මිලට දීම සඳහා රජය මඟින් ගෙන්වන ලද බඩ ඉරිඟු බීජ තොගයක් 2015 ජනාධිපතිවරණයට වාසි ගැනීමේ අරමුණීන් සිය දේශපාලන හිතවතුන් වෙත බෙදා දීමෙන් රජයට රුපියල් කෝටි 2 1/2කට අධික පාඩුවක් කළැයි චෝදනා එල්ල වුන හිටපු නියෝජ්‍ය ඇමතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද උදේ අත් අඩංගුවට ගනු ලැබුවේය.
ඔහු අද කොළඹ මහොස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගෙන සැකකාර හිටපු අමාත්‍යවරයා රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළාය.







