බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නලින්ද ඇමති සහෝදරයා…කුජීතයි නේද?… කළුතර රෝහලේ හෘද රෝගීන්ට ස්ටෙන්ට් ප්‍රතිකාර පෝලිම මාස 8කටත් වඩා දිගු වෙයි..

by editor
ජූලි 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

කළුතර ශික්ෂණ රෝහලේ ස්ථාපනය කර තිබෙන හෘද කැතීටරකරණ යන්ත්‍රය පසුගිය මැයි මස 20 වෙනිදා සිට අක්‍රිය වීම හේතුවෙන් පොරොත්තු ලේඛණය මාස 8 ට වඩා දිගුවෙමින් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසා සිටියි.

යන්ත්‍රය වරින් වර බිඳ වැටීම සහ නැවත යථාවත් වීම ප්‍රමාද වීම හේතුවෙන් පොරොත්තු ලේඛන ගතව සිටින රෝගීන් සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයකට ලක්ව ඇතැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.

විශේෂයෙන්ම හෘදයට රුධිරය සපයන රුධිර නාලවල(කිරීටක ධමනිවල ) අවහිරතා හඳුනා ගැනීම සඳහා සිදුකරන ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සහ එම දෝෂ නිවැරදි කිරීම සඳහා සිදුකරන ස්ටෙන්ට් යෙදීමේ ප්‍රතිකාරය සහ හෘද කපාටවල දෝෂ හඳුනාගැනීම සහ ඒවා නිවැරදි කිරීමට අදාළ ප්‍රතිකාර සිදුකිරීම මෙම හෘද කැතීටරකරණ යන්ත්‍රය මගින් සිදු කරන අතර මේ වන විට එම පරික්ෂණ සියල්ල ඇනහිට ඇතැයි සංගමය පෙන්වාදේ.

ලංකාවේ රජයේ රෝහල් පද්ධතිය තුළ මෙවැනි හෘද කැතීටරකරණ යන්ත්‍ර 14ක් ස්ථාපනය කර තිබෙන අතර ඉන් මහනුවර ජාතික රෝහලේ එක් යන්ත්‍රයක් ද දීර්ඝ කාලයක් තිස්සේ බිඳ වැටී ඇත.ඒ අනුව මේ වන විට ක්‍රියාකාරී තත්ත්වයේ පවතිනුයේ යන්ත්‍ර 12ක් පමණි.

කළුතර ශික්ෂණ රෝහලේ මෙම යන්ත්‍රය 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ස්ථාපනය කොට පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු ආරම්භ කළ අතර ඉතා විශාල රෝගීන් ප්‍රමාණයකට ප්‍රතිකාර සිදුකිරීම මෙම ඒකකයේදී සිදුකෙරිණි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

2024 ඔක්තෝබර් මාසයේදී මෙම යන්ත්‍රයේ වගකීම් කාලය (Warranty Period) අවසන් වූ අතර ඉන් අනතුරුව මේ වනතෙක් මෙම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් (Service Agreement) යාවත්කාලීනවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ අංශ විසින් සිදුකොට නොමැත.

මෙසේ සේවා ගිවිසුම් ගතවීම සිදු නොවීම හේතුවෙන් පසුගිය කාලය පුරාම සිදු වූ බිඳ වැටීම් නැවත යථාවත් කිරීම සඳහා ඉතා වැඩි කාලයක් ගතවූ අතර මේ හේතුව නිසා වරින් වර රෝගී ප්‍රතිකාර කටයුතු අඩාල වීම සිදුවිය.

මෙම වගකීම් කාලය අවසන් වීම සහ සේවා ගිවිසුම් ගතවීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සියලු බලධාරීන්ට 2024 වසරේ ඔක්තෝබර් මාසයට පෙර සිට මෙම රෝහලේ නිලධාරීන් විසින් ලිඛිතව සහ වාචිකව අවස්ථා විශාල ප්‍රමාණයකදී දැනුවත් කිරීම සිදුකොට ඇත. මෙම ගැටළුව සම්බන්ධයෙන් කිසිදු සාධනීය මැදිහත්වීමක් මේ වන තෙක් සිදුකොට නොමැති වීම බරපතල ගැටලුවක් වී තිබේ.

මෙම ගැටලුව පිළිබඳව කඩිනම් අවධානය යොමු කොට ඉතා සීමිත පහසුකමක් සහ අත්‍යාවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදුකරන හෘද කැතීටරකරණ ඒකකයෙහි බිඳ වැටීම යථාවත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එස්.එම්. චන්ද්‍රසේන රිමාන්ඩ්…

Next Post

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.