ලෝකයේ මෙතෙක් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා නොවූ එකම රටවන කුක් දූපත් රාජ්‍යයෙන් අද කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.
කුක් දූපත් රාජ්‍යය දූපත් 15 කින් සමන්විත වන අතර එහි මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 240 (වර්ග සැතපුම් 93) වේ.
කුක් දූපත් වාසීන් නවසීලන්ත ජාතිකයන්ය. දූපත් වල ආරක්ෂාව සහ විදේශ කටයුතු සම්බන්ධයෙන් නවසීලන්තය වගකිව යුතු නමුත් මෙම වගකීම් කුක් දූපත් සමඟ සාකච්ඡා කර ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් රාජ්ය්ය ස්වාධින විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියේය.
කුක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය මාක් බ්‍රවුන්ඩ් නිවේදනය කළේ වයස අවුරුදු 10ක දරුවෙකුට මෙසේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවය.
කුක් දූපතේ පදිංචිකරුවෙක්වන මේදරුවා මීට දින කීපයකට පෙර නවසීලන්තයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍යය කියයි.
කුක් දූපත් සමූහය දකුනු පැසිපික් කලාපයේ පිහිටි කුඩා රාජ්‍යයක් වන අතර එහි සමස්ථ ජනගහණය 17000කි.
ඔවුනගෙ ප්‍රධානම ධනෝපායන මාර්ගය සංචාරක ව්‍යාපාරය වුවත් කොවිඩ් වසංතය ආරම්භයේ සිට විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයින් සඳහා මෙම රට වසා තැබිණි. අනතුරුව ඔවුන් මීට දින කීපයට පෙර නවසීලන්තය සමග පමණක් සීමිත ගුවන් වාර සංඛ්‍යාවක් ආරම්භ කර තිබිණි.
කුකු දූපතෙහි මේ වනිවට කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණය යටතේ එන්නත් ලබාගෙන ඇති ප්‍රතිශතය සමස්ථ ජනගහණයෙන් සියයට 96කි.