දිනසේන රතුගමගේ
කඳුකර ජනතාවගේ වසර 200 ක ඉතිහාසය යළි සිහිපත් කිරීම සදහා බැතිමතුන් 867 කගේ සහභාගිත්වයෙන් තලෙයිමන්නාරමේ සිට මාතලේ දක්වා පැවැත්වෙන දින 16ක පා ගමන 29 දා ආරම්භ වුණි.
තලෙයිමන්නාරම ශාන්ත ලෝරන්ස් දේවස්ථාන සංකීර්ණයේ පැවති උත්සව සභාවකින් ආරම්හ වූ මෙම පාගමන සංවිධානය වන්නේ මීට වසර 200 කට ඉහතදී කදුකරයට පමිණ කඳුකරයේ ජනතාව වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ හයිලෑන්ඩර්ස් නම් පියතුමා සිහිපත් කරමිනි.
ආරම්භක අවස්ථාවට මන්නාරම හා තලෙයිමනාරම යන පළාත්වල බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා කතෝලික පියතුමන්ලා විශාල පිරිසක් සහභාගී වී පාගමනේ යෙදෙන පිරිසට ආශිර්වාද කළහ.
” කදුකර ජනතාවගේ නැගිටීම ” වශයෙන් නම් කොට ඇති මේ පාගමන අගෝස්තු මස 12 වෙනිදා මාතලෙන් අවසන් වීමට නියමිතය.







