වෛද්‍යවරුන්ට උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (26) මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් කියා සිටියේය.
“වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළොත්, එම පිළිතුරු පත් ලබා දෙන්නේ නම් වෛද්‍යවරුන්ට පුළුවන් උත්තර පත්තර පරීක්ෂා කරන්න.”
“රාජ්‍ය සේවය යටතේ ක්‍රියාත්මක කරන විශ්වවිද්‍යාල නිසා තමන්ගේ රැකියාව පිළිබද විශාල විශ්වාසයක් ඔවුන්ට තිබෙනවා. ජීවිතයට ඔවුන්ව රැකියාවෙන් ඉවත් කරන්න බෑ කියලා. 83 ජූලි වර්ජකයන් වගේ සියලු දෙනා ඉවත් කරලා දාන්න, ඔය සුදුසුකම් තිබෙන උගත්, බුද්ධිමත් පුද්ගලයන් ඉවත් කරන තනතුරුවලට පත් කරන්න පුළුවන් කියල මම කියන්නේ.” වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේය.