නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට හා රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූ ටියුබ් නාලිකාවක විකාශය කිරීම වළක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝග දෙකක් නිකුත් කළේය.
එම අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් පසුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම විසින් මෙම වාරණ නියෝග නිකුත් කරන ලදී.
වාරණ නියෝගය ලබන 10 වන දක්වා බලපැවැත් වේ.
එස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සම්බන්ධයෙන් වූ අසත්‍ය කරුණු යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාව මත මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.
විත්තිකරු විසින් පසුගිය 20 වැනි දින අදාළ අසත්‍ය තොරතුරු සහිත වීඩියෝවක් යූ ටියුබ් නාලිකාවේ විකාශය කර ඇති බව පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
එනයින් සිය සේවාදායකයන් ට වැඩි අපහාසයක් සහ අගතියක් සිදු වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමෙන්පැ මිණිලිකරුවන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක හා රුපියල් මිලියන 500 බැගින් වන්දි අය කර දෙන ලෙස පැමිණිලි දෙක මගින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.







