දිනසේන රතුගමගේ –
මුලතිව් මුහුදු වෙරළේ පැවති සරුංගල් තරගයකදී ඊළාම් සිතියමේ හැඩයෙන් සකසන ලද හා පින්තාරු කරණ ලද සරුංගලයක් තරගයට ඉදිරිපත් කළ තරුණයෙක් මුලතිව් පොලීසිය විසින් ඊයේ (29 ) අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් පොලීසිය කළ ප්රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ පිරිසක් එකතු වී මේ හැඩයේ සරුංගලයක් විනෝදයට සැකසුවා මිස වෙනත් කිසිම අරමුණක් ඔවුන් තුළ නොතිබූ බවය.
මෙම තරුණයා වයස අවුරුදු 29 ක මුලතිව් දිස්ත්රික්කයට පිට පළාතකින් පැමිණි තරුණයෙකු වන අතර පොලීසිය ඔහුගෙන් ප්රකාශයක් සටහන් කරගෙන නිදහස් කොට තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් උපදෙස් පතා ඇති අතර එම නිලධාරීන්ගෙන් ලැබෙන තොරතුරු හා උපදෙස් වලට අනුව ඉදිරි ක්රියා මාර්ග ගැනීමට සූදානම් වේ.
මුලතිව් මුහුදු වෙරළේදී මෙම සරුංගල් තරගාවලිය වාර්ෂිකව තෛපොංගල් සමයේදී පැවැත්වෙන අතර මෙවර තරගය සදහාද සරුංගල් 150 ක් පමණ ඉදිරිපත් කොට තිබූ අතර ඊළාම් සිතියමේ හැඩය ගත් සරුංගලය නිපදවා තිබුණේ එම තරගාවලියට ඉදිරිපත් කළ සරුංගල් කීපය අතරය.