ශ්‍රියානි විජේසිංහ –
රාජ්‍ය පරිපාලන ඇමතිවරයාව මුණගැසීමට වසරක පමණ කාලයක් බලා සිටි නමුත් ඒ සදහා ලිපි ලියු නමුත් මේ වන තෙක් මුණ ගැසීමට අවස්ථාවක් ලබා නොදුන් බව රජයේ විධයාකය නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍ය ධූරය හොබවනු ලබන්නේ වත්මන් අගමැතිවරයාවන අතර මේ වන විට සමස්ථ රාජ්‍ය සේවකයින්ම මුුහුණ පාන වැටුප් විෂමතාවන් ඉවත් කර රජයේ විධායක නිලධාරින්ට රුපියල් 75000ක දීමනාවක් ඇතුලු තවත් කෙටිකාලීන හා දිගුකාලීන ඉල්ලිම් කීපයක් ලබා දීමට පියවර ගන්නා ලෙස ඉල්ලා පසුගිය 29 වෙනිදා විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට අවතීරණ වූ බව ඒකාබද්ධ කමිටුවේ ලේකම් වයි.එල්.සී.පී. මධුරප්පෙරුම පැවසුවේය. .
අනතුරුව කොළඹට රැස් වූ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ඒකමතික තිරණය වූයේ තම වැටුප් විෂමතාවට හා විධායක නිලධාරී දීමනාව ගෙවීම සම්බන්ධයෙන් සති දෙකක කාලයක් ලබා දෙන බවත් එම කාල තුළ ආණ්‍ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක්නොලැබුණහොත් දැනෙන වැඩපිළිවෙළකට යන බවත්ය.
කෙසේ නමුත් ඒකාබද්ධ කමිටුවේ යෝජනා ඇතුළත් ලිපිය භාරදීම සදහා වෘත්තීය සමිති සාමාජිකයින් රාජ්‍ය පරිපලාන අමාත්‍යංශය වෙත පැමිණියද එදින මහජන දිනයක් වූවද කිසිදු නිලධාරියෙකු මුණ ගැසීමට නොහැකි වූ බව ලේකම්වරයා පැවසුවේය.







