නිදහස් දින උළෙලේ පැරෂුට් පුහුණුවීම් අතර අද (30) උදෑසන අනතුර සිදුවන්නේ සුළඟේ දිශාවේ විරල සහ අනපේක්ෂිත වෙනසක් හේතුවෙන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.
අද (30) උදෑසන ගාලුමුවදොර පිටියේ පැවති ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අතරතුර ශ්‍රී ලංකා යුධ හමුදාවේ පැරෂුට් භටයන් දෙදෙනෙක් සහ ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් ඇද වැටෙන ආකාරය වීඩියෝ දර්ශනවල සටහන්ව තිබිණි.
ගුවන් හමුදාව පවසන්නේ පැරෂුට් භටයින් සිව්දෙනා සුළු තුවාල ලබා ඇති අතර, ඔවුන් තිදෙනෙක් ජාතික රෝහලේ සහ එක් භටයෙක් යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.







