අට වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූ රනිල් වික්රමසිංමහට මුලින්ම සුබ පැතූ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරිය වන ඇමෙරිකානු තානාපති ජුලි චන්ග් අද ජනාධිපතිවරයා හමුවී අද උදෑසන ගාලු මුවදොර සිදුවීම පිළිබඳව සිය දැඩි කණස්සල්ල පළ කළ බව ඇය පවසයි.
අද සවස ජනාධිපතිවරයා මුණ ගැසී ඇති තානාපතිවරිය අද උදෑසන එළි වනවිට ගාලු මුවදොර සිටි සාමකාමී අරගලකරුවන්ට හිංසනය දියත් කිරීම අනවශ්‍ය කටයුත්තක් බව ජනාධිපතිවරයා වෙත අවධාරණය කළ බව සිය ටිව්ටර් සමාජ ජාල ගිණුම සඳහන් කර ඇත.
ඇය තවදුරටත් එහිදී පවසා ඇත්තේ “මේ මොහොතේ රජය වහා කළ යුත්තේ රටේ ජනතාව මර්දනය නොවේ. නමුත් ඒ වෙනුවට රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැගෙන, ස්ථාවරත්වයක් සහ ආර්ථිකය ගොඩ නැගෙන දැනෙන විසදුම් පියවර පිළිබඳව රජය අවධානය යොමු කළ යුතුයි.“ යනුවෙනි.
(2/2) This is not the time to crack down on citizens, but instead to look ahead at the immediate and tangible steps the Government can take to regain the trust of the people, restore stability, and rebuild the economy.
— Ambassador Julie Chung (@USAmbSL) July 22, 2022
ඇය තවදුරටත් පවසන්නේ ජනාධිපතිවරයාට සහ අද පත් වූ අමාත්‍ය මණඩලයට මේ රටේ ජනතාවට යහපත් අනාගතයක් නිර්මාණය කිරීමට අවස්ථාවක් සැලසී ඇතිවාක් මෙන්ම එය අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වගකීමක් වන බවය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මෙතෙක් සුබ පැතූ එකම රාජ්‍ය තාන්තිකයා ඇය පමණි.