අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ ඝාතනය වූ තරුණයා අහිසංකයෙක්… කුලී ඝාතකයන්ගේ ඉලක්කය වැරදිලා…

by editor
ජනවාරි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (20) තෙලිජ්ජවිල මංසන්ධියේ පිහිටි ජංගම දුරකථන උපාංග අලෙවිසලක දී සිදුවූ ඝාතනය වැරදීමකින් සිදුවූවක් බවත්, එසේ වෙඩි තබා ඝාතනය කළ මින්දික අලුත්ගමගේ 22 හැවිරිදි අහිංසක තරුණයෙක් බවත් පොලිස් විමර්ශන ඔස්සේ හෙළි වී තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අවාසනාවන්ත ලෙස ඝාතනය වූ මින්දික ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩ පරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන නොබෝ  දිනකින් කොරියාවේ රැකියාවක් සඳහා පිටත් වීමට සැලසුම් කර සිටි තරුණයෙකි.

ඔහු සිය සමීප මිතුරෙක් වූ ජංගම දුරකථන අලෙවිසලක් හිමි තරුණයෙකුගේ අලෙවිසලට පැමිණ සිටි අවස්ථාවේ දී අලෙවිසල හිමි තරුණයා හමුවීමට තවත් මිතුරන් දෙදෙනෙක් පැමිණ ඇත. ඒ අවස්ථාවේ දී අලෙවිසල හිමි තරුණයා එළියට ගොස් එම මිතුරන් සමග කතා කරමින් සිටිය දී මින්දික අලෙවිසලේ මුදල් අයකැමි පුටුවේ වාඩිවී හිඳ තිබේ.

ඒ අවස්ථාවේ දී ෆයිල් කවරයක් සහිතව පැමිණි පුද්ගලයෙක් ඡායා පිටපතක් ලබා ගත හැකි දැයි මුදල් අයකැමි පුටුවේ ඉඳගෙන සිටි මින්දිකගෙන් විමසා ඇත.  ඔහු පවසා ඇත්තේ ඡායා පිටපත් ලබා ගැනීමේ පහසුකම් නොමැති බවත්, නුදුරෙහි එම පහසුකම් සහිත ස්ථානයක් ඇති බවත්ය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එම අවස්ථාවේ දී අලෙවිසලෙන් පිටව ගිය මෙම පුද්ගලයා ඒ සමගම විත් මින්දික ඉලක්ක කරගෙන වෙඩි ගණනාවක් තබා තමන් සමග පැමිණි යතුරුපැදි කරු සමග පලා ගොස් ඇත.

කිසිම අපරාධ ඉතිහාසයක් නැති මෙම අහිංසක තරුණයා ඝාතනය කිරීම සම්බන්ධව විමර්ශන කරන අවස්ථාවේ දී හෙළි දරවු වී ඇත්තේ ඝාතනය ඉලක්කය ඔහු නොව මෙම  දුරකථන අලෙවිසලේ හිමිකාර තරුණයා බවය.

දැනට හෙළි වී ඇති තොරතුරු අනුව  ඉලක්කය වූ වෙළඳසල හිමි තරුණයා වෙළෙඳසලෙන් පිටත සිටි අවස්ථාවේ ඔහු යැයි වරදවා වටහාගෙන මින්දික ඝාතනය කර ඇත.

සැබෑ ඉලක්කය වූ දුරකථන  අලෙවිසල හිමිකරු සම්බන්ධව ද වාර්තාවන අපරාධ ඉතිහාසයක් නැති බව ද පෙනී ගොස් ඇතත් ඒ සම්බන්ධව දැඩි අවධානයකින් යුතුව විමර්ශන කිරීමට විමර්ශන අංශ කටයුතු කර තිබේ.

යුක්තිය මෙහෙයුම යන අතර තුර පාතාලය සම්බන්ධව සිදුවන ඝාතන වැලක එක් සිදුවීමක් ලෙස මෙම තරුණයාගේ  ඝාතනය සටහන් වී තිබේ.

යුක්තිය මෙහෙයුම ආරම්භක අවස්ථවේ සිට ගතවූ මාසයක කාලයය තුළ හංවැල්ලේ පුද්ගලයින් දෙදෙනෙක් පාතාලය ඝාතකයන් විසින් මරා දැම්මේය.

වැල්ලම්පිටියේ සේදවත්තේ දී ග්‍රැන්ඩ්පාස් පොලිසියට ඔත්තු දුන් බවට සැක කර තවත් පුද්ගලයෙක් පාතාල වෙඩික්කරුවන්ට ගොදුරු විය.

කුරුණෑගල පොලිසියට ගංජා සම්බන්ධ ඔත්තුවක් දුන් බවට සැ ක කර ජාවාරම්කරුවෙකුගේ පිහි පහරට ලක්ව පුද්ගලයෙක් මිය ගියත් එය පුද්ගලික ආරවුලක් ලෙස සටහන් වීම නිසා සිද්ධියේ ඇතුලාන්තය හෙළි වූයේ නැත.

කෙසෙල්වත්තේ පොඩි කවී ඝාතනය සඳහා ඔත්තු බැලූ බව කී පුද්ගලයෙක්  කෙසෙල්වත්තේ දි කපා කොටා ඝාතනය කළත් එම ඝාතනය ද පුද්ගලික ආරවුල්වල ගිනුමට බැර වී තිබිණි. පසුගිය දා කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීම යට රන්දිය උයනේ දී බඩා රන්ජි නැමැත්තා ඝාතනය විය.

මෙම ඝාතන සිදුවන්නේ යුක්තිය මෙහෙයුම දියත්වන අතරේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය අපේක්ෂාවෙන් සිටි සුමන්තිරන් පරදා ශ්‍රිතරන් ජය ගනී!

Next Post

මධ්‍යම පළාතේ පාසල්වල උත්සව සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් වෙයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.