සමන් මල්ලවආරච්චි –
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වය සඳහා සුදුස්සෙක් තෝරා ගැනිම සඳහා අද ත්‍රීකුණාමලය නගර සභා ශාලාවේ පැවති තුන්කොන් සටනින් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් වැඩි ඡන්දයෙන් තේරි පත් වී තිබේ.
ශ්‍රීතරන් උතුරේ ඉපදී උතුරේ හැදී වැඩුන දේශපාලකයෙකි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව නියෝජනය කරන සාමාජිකයන් 325ක ගේ සහභාගීත්වයෙන් අද මෙම ඡන්දය පැවැත්විනි.
ශ්‍රීතරන් ඡන්ද 184ක් ද සුමන්තිරන් ඡන්ද 137ක් ද මෙහිදී ලබා ගත්තේය. හිටපු මන්ත්‍රී යෝගේෂ්වරන්ට හිමි වූයේ ඡන්ද 04ක් පමණි.







