පාසල්වල මුදල් එකතු කරමින් සිදුකරන උත්සව සංවිධාන කටයුතු සීමා කරන ලෙස දන්වමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ.
සංගීත සංදර්ශන, ගුරු උපහාර ඇතුළු විවිධ සැමරුම් උත්සව සංවිධානය කරමින් විදුහල්පතිවරු ඇතුළු විවිධ කණ්ඩායම් සීමාවකින් තොරව මුදල් එකතු කරනබවට ලැබී ඇති පැමිණිලි හේතුවෙන් මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට මධ්‍ය පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙම චක්‍ර ලේඛනයට අනුව පළමු වාරයේ දී උත්සව තුනක් ද දෙවන හා තෙවන වාර වල දී උත්සව හතරක් ද ලෙස වසර පුරාම උත්සව 07 ක් පමණක් පැවැත්වීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී ඇත.
පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීම, නිදහස් උත්සවය හා නිවාසාන්තර ක්‍රීඩා උළෙල පළමු වාරයේ දී පැවැත්වීමට අවසර ලබා තිබෙන අතර දෙවන හා තෙවන වාර වල දී පැවැත් වීමට අවසර ලබා දී ඇත්තේ අධ්‍යාපන චාරිකාව, වර්ණ ප්‍රදානෝත්සවය, කලා උළෙල හා වාර්ෂිත ත්‍යාග ප්‍රදානෝත්සවය පමණි.
මෙම උත්සව හැරුණු විට වෙනත් උත්සවයක් පවත්වන්නේ නම් විදුහල්පතිවරු අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතු බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කර ඇත. .







