කුප්‍රකට ඉමියුනොග්ලොබියුලීන් අපරාධය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අද (04) අධිකරණය ඉදිරියේ විශේෂ රහස් ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.
පසුගිය 01 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැය 7ක දීරඝ ප්‍රශ්නකිරිමකින් අනතුරුව අත් අඩංගුවට ගෙන 02 දා මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුවේය.
ඔහු අධිකරණයේ දී නීතිඥයින් මාර්ගයෙන් විශේෂ රහස් ප්‍රකාශයක් සිදුකිරීම සඳහා අවසර ඉල්ලා සිටි අතර මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විසින් එම ඉල්ලීමට ඉඩ ලබා දී අද අධිකරණය ඉදිරියේ පෙනී සිට එම රහස් ප්‍රකාශය සිදුකරන ලෙස නියෝග කළාය.
අනතුරුව ඔහුව මහර බන්ධනාගාරය වෙත යොමු කෙරිනි. අද එම ප්‍රකාශය සිදුකිරීම සඳහා ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.