කෝටි දහයකට ආසන්න වීදි වටිනාකමකින් යුත් උග්‍ර විෂ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ නමයක් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක සමග කිරිබත්ගොඩ සහ කටුනායක යන පොලිස් වසම් තුළදී අද (03) දින අත්අඩංගුවට ගෙන තිබේ .
යුක්තිය මහෙයුම යටතේ සිදුකළ සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමක් ලෙස මෙම වැටලීම පොලිසිය විසින් හඳුන්වා දී ඇත.
පළමුව සුඛෝපභෝගී කාර් රථයකින් අයිස් කිලෝ පහකට ආසන්න ප්‍රමාණයක් චොකලට් දවටනවල සඟවා අලෙවි කිරීමට රැගෙන ඒමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය දැනට ඩුබායිහි සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නිපුණ නමැත්තාගේ සහ නන්දසේන නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මත්ද්‍රව්‍ය බව මූලික විමර්ශනවල දී හෙළි වී තිබේ.
සැකකරුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් වත්තල සහ ගනේ මුල්ල ප්‍රදේශවල පිහිටි සුඛෝපභෝගී නිවාස ද සොයා ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වූයේය.
මෙම සැකකරුගෙන් අනාවරණය කර ගන්නා ලද තොරතුරු අනුව ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපොලේ සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා ඉතාම සූක්ෂම අයුරින් චොකලට් සහ රස කැවිලි තුල සඟවා, රටට රැගෙන එන යුවලක් ද අත් අඩංගුවට ගැනිමට විශේෂ කාර්ය බලකායට හැකි විය.
අදාල යුවළක් සිය සුඛෝපභෝගි මෝටර් රථයෙන් ගමන් කිරමින් සිටිය දි කටුනායක පොලිස් බල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි . මොවුන්ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සීදුව ඔන් රීච් (onreich) හෝටලේ කාමරයක ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ අයිස් කිලෝග්‍රෑම් හතරක මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේය.
මෙම සැකකරුවන් දීර්ඝ කාලයක සිට ගුවන් මගින් ලෙස චෙන්නායි සිට බණ්ඩාරනායක ගුවන් තොටුපළ දක්වා ස්වකීය ගමන් මලු තුළ බාහා කිලෝ එක සහ කිලෝ දෙක කිලෝ 5 වශයෙන් මත්ද්‍රව්‍ය ලංකාවට රැගෙන විත් තිබූ අතර ඔවුන් විසින් එම මත්ද්‍රව්‍ය මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත ලබාදී ඇත .
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.