දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ රාමේස්වරන් හා රාමනාදන්පුරම් යන පළාත්වල ධීවරයින්ගේ මසුන් මැරීම සදහා නිකුත් කොට ඇති අවසර පත් ඉන්දීය බලධාරීන් විසින් ඊයේ ( 3 ) සවස ඔවුන් බාරයට ගෙන තිබේ.
එමෙන්ම බලධාරීන්ට එවැනි අවසර පත් 2000 ක් පමණ ආපසු ලබා ගැනීමට නොහැකි වීම නිසා ඉහත කී පළාත්වල ධීවර දෙපාර්තමේන්තු මගින් ධීවරයින්ට නිකුත් කොට ඇති බලපත්‍ර තාවකාලිකව අවලංගු කොට අති බවටද නිවේදනයක් නිලධාරීන් විසින් නිකුත් කොට ඇත.
මේ අතර දැනට මුහුදු ගොස් සිටින ඉන්දීය ධීවරයින්ට තමන් පිටත්ව ගිය ධීවර වරායට හැකි ඉක්මනින් ආපසු පැමිණෙන ලෙසටද ඉන්දීය ධීවර දෙපාර්තමේන්තු බලධාරින් රේඩියෝ පණිවුඩ ඔස්සේ ධීවරයින්ට දැණුම් දී තිබේ.
ශ්‍රි ලංකාවේ උතුරු පළාතේ ධීවරයින් විශාල පිරිසක් ඉන්දීය ධීවරයින්ට එරෙහිව විරෝධතාවයක් දියත් කොට තිබීමත් ඉන්දියාවේ සිට උතුරු මුහුදු සීමාවට පැමිණෙන ධීවරයිනව අත් අඩංගුවට ගන්නා ලෙස උතුරේ ධීවරයින් නාවික හමුදාවට බල කොට සිටීමත් නිසා ඉන්දීය ධීවරයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තාවකාලික පියවර අනුගමනය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
රාමේස්වරන් හා රාමනාදන්පුරම් පළාත්වල ධීවරයින් බහුල ලෙස ශ්‍රී ලංකාවේ උතුරු පළාතට මසුන් මැරීම පිණිස ඔවුන්ගේ යාත්‍රා දියත් කරණු ලබන්නේ පම්බන් සහ මණ්ඩපම් ධීවර වරායන් වලින් නිසා නිසා එම ධීවර වරායන් දෙකද තාවකාලිකව වසා දමා එම ස්ථාන දෙකට දැඩි ආරක්ෂාව සපයා තිබේ.
ධීවර කටයුතුවල නිරත වීමට අවසර නොලැබීම නිසා ධීවරයින් සතු යාත්‍රා පන්සීයක් පමණ පම්බන් හා මණ්ඩපන් යන ධීවර වරායන් වල නවතා දමා අති බවද ඉන්දීය මාධ්‍ය වඩිදුරටත් වාර්තා කොට තිබේ.