ශ්‍රියානි විජේසිංහ
මේ දිනවල පවතින අධික හිරු රශ්මියෙන් මිදී සිටීමට හිරු එළියෙන් ආරක්ෂා වන ලෙසට වෛද්‍යවරුන් ජනතාවට උපදෙස් ලබා දුන්නද එම උපදෙස් හරහා පුද්ගලයින්ට විටමින් ඩී ඌණතාවයට මුහුණ දීමට නුදුරේදී සිදුවනු ඇති බවට කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක සඳහන් කරයි.
දැනටමත් සැලකිය යුතු පිරිසක් විටමින් ඩී ඌණතාවෙන් පෙලෙන බැවින් වර්තමානයේ පවතින උණුසුම්කාරී තත්වයත් සමඟ මෙම පිරිස වැඩිවිය හැකි බව විශේෂඥවරයා පෙන්වාදේ.
කෙසේ නමුත් හිරු එළියෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දුන්නද විටමින් ඩී ඌණතා සහිත දරු පරපුරක් ඉදිරියේදී අපට ඉතිරි වීමට ඉඩ ඇති බව විශේෂඥ ගුණතිලක පවසා සිටියි.