කීර්ති ප්‍රනාන්දු –
ඛනිජතෙල් ප්‍රවාහන කටයුතුවලට ආරක්ෂාව සැපයීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් යටතේ පැය 24 පුරාම අධීක්ෂණය වන ආරක්ෂක වැඩපිළිවෙළක් ඊයේ (24) සිට පොලිසිය විසින් සකස් කර ඇතැයි ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පවසයි.
එම වැඩපිළිවෙළ තුළ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් සැකයකින් තොරව ඉන්ධන බෙදා හැරීමේ කටයුත්ත කරගෙන යන ලෙසත් පොලිස්පති කාර්යාලය දැනුම් දී ඇතැයි ද ඔහු පැවසුවේය.
ඒ අනුව ටැංකි රථ උපරිම ධාරිතාවකින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා යොමු වී ඇතැයි ද ඔහු කීවේය.







