දිනසේන රතුගමගේ –
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය විදුලි බල උත්පාදන කටයුතු සඳහා සුළං බලයෙන් ක්‍රියා කරන විදුලි බලාගාර ඉදිකිරීමට තෝරා ගෙන ඇති යාපනයේ දූපත් පසුගිය 17 දා යාපනයේ සිටින නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිරීක්ෂණයට ලක් ව තිබේ.
එම දූපත් පරීක්ෂා කිරීම සදහා යාපනයේ සිටින නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් රකේෂ් නට්රාජ් ජෙයබාලසිංහම් තවත් පිරිසක් සමග සංචාරය කළ අතර එම සංචාරයේදී නාගදීපය ඩෙල්ෆ්ට් හා අනලතීව් යන දූපත්වල මේ පිරිස සංචාරය කොට ඇත.
මුලින්ම මේ දූපත් ප්‍රදේශවල සුළං බල විදුලි බලාගාර ඉදි කිරීම චීන සමාගමකට පැවරුණු අතර පසුව රජය විසින් එම ව්‍යාපෘතිය ඉන්දියාවට ලබා දීමට පියවර ගන්නා ලදී.







