රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර කිසිම අනෙක් කිසිම සේවකයෙක් සේවයට වාර්තා නොකරන්නැයි අග්‍රමාත්‍යා රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී රජයේ සේවකයින්ගෙන් ඉල්ලීමක් කළේය.
හෙට අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන්වල යෙදීමෙන් ද වැලකී සිටින ලෙස ඔහු ඉල්ලීමක් කළේය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
“සඳුද සාමාන්‍යෙපළ විභාගය. ඒ දරුවන්ට විභාග මධ්‍යස්ථානයට යන්න ක්‍රමවේදයක් හදන්න වෙයි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ හරි දාලා. මේ ඩීසල් ප්‍රශ්නය නිසා ළමයි අසරණ වෙලා ඉන්නවා කොහොමද යන්නෙ කියලා. ඒ සදහා යම් කිසි වැඩපිළිවෙළක් සකස් කරන්න වෙයි.“ මන්ත්‍රීවරයා අගමැතිවරයාට කීවේය. කීවේය.
ඊට පිලිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.
“ සති අන්තය වෙනවිට පෙට්‍රල් ඩීසල් තිබෙන නිසා ඒ ප්‍රශ්නය උග්‍රවෙයි කියලා අපි හිතන්නෙ නෑ. ජූනි මාසෙ මැද වෙනකම් අපට ඉන්ධන තියනවා. ඒ වනවිට විභාගයත් අවසන් වෙනවා.“
“ විශේෂයෙන්ම හෙට ගැන මම කියන්න කැමතියි. රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් සේවකයන්ට වැඩට එන්න එපා කියලා අපි කියනවා. මොකද එතැනින් ඉන්ධන ටිකක් අපට බේරගන්න පුලුවන් සති අන්තය වෙනුවෙන්. ඊට පස්සේ ඉන්ධන ප්‍රශ්නය විසඳෙනවා.
ඒ නිසා හෙට අත්‍යාවශ්‍ය නැති රජයේ සේවකයින්ට කියනා එන්න එපා කියලා .ඒ වගේම හෙට අත්‍යාවශ්‍ය නැති ගමන් බිමන්වල හෙට යන්න එපා කියලා ඉල්ලනවා.“