නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන පොම්පය අවුරුදු කිහිපයකින් යාවත්කාලීන කර නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඒ අනුව වෙළඳපොළ මිලට හෝ එම පිරවුම් හලෙන් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවන ලෙස දැනුම්දී ඇතැයි අමාත්‍යවරයා කියයි. මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස දැනුම් දී ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මන්ත්‍රීවරුන්ට සහන මිලකට ඉන්ධන ලබා දෙන බවට ඡායාරූපත් සහිතව සමාජ මාධ්‍යයේ පලවූ ප්‍රවෘත්තියෙන් පසු නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන මිල ගණන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබා දුන් පසුය.
නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් මන්ත්‍රිවරුන්ට සහන ඉන්ධන ලබා දෙන බවට වූ ප්‍රවෘත්තිය පලවූ වහාම ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ දැනට මහජනතාවට ලබා දී ඇති වෙළෙඳපොළ මිලට වඩා සහනාධාර මිලට කිසිදු පාර්ශ්වයකට හෝ කිසිවකුට ඉන්ධන ලබාදීමක් සිදු නොකරන බවය.
(1) While I do understand the frustration and anger from the public, posts shared on MPs been given subsidized fuel rates is false. No MP from either side or anyone has been given subsidized rates than the current market prices given to the public.
— Kanchana Wijesekera (@kanchana_wij) May 19, 2022
මේ පිළිබඳව පොලිස් රථ වාහන කොට්ඨාසයේ නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී ඔහු පැහැදිලි කළේ මෙම පිරවුම්හලෙන් මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලැබුවේ පොලිස් රථ වාහන සඳහා පමණක් බවත් එහිදී වැදගත් වන්නේ මිල ගණන් නොව පිරවුම්හලට ලැබුණු ඉන්ධන ලීටර ප්‍රමාණය නිකුත් කළේ කෙසේද යන්න බවත්ය. කිසිම අවස්ථාවක පොලිස් වාහන සඳහා මුදලට ඉන්ධන නිකුත් නොකරන බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව ඉන්ධන පොම්පයේ මිල ගණන් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයක් පැනනොගුන බව කීවේය.
මේ අවස්ථාවේ ඉක්මන් තීරණයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉන්ධන ලබා දීමට දුන් නියෝගය මත ඉන්ධන මුදා හැරියේ වෙළෙඳපලේ මිලට බවත්, අත් පිට මුදලට ලබා දුන් එම ඉන්ධන ප්‍රමාණය සඳහා බිල්පත් නිකුත් වී ඇති බවත් ඔහු කීවේය.
කෙසේ වෙතත් මේ වනවිට පොලිස් වාහනයකට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ උපරිම ලීටර තිහකට යටත්ව නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙළෙඳපලේ මිලට ඉන්ධන නිකුත් කරන්නේ සීමාවක් නැති බවද ඔහු කීවේය.