ලලිත් චාමින්ද –
බුස්ස ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනීම සදහා පොලිමේ තිබු ත්‍රිරෝද රථ පහකට හා කාර්රථයක් අනතුරකට ලක්කොට එක් අයෙකුට තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂකවරයෙකු ඊයේ (18) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බැව් රත්ගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වරාය පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් පරික්ෂකවරයෙකි. මෙම අනතුරෙන් තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.
පොලිස් පරික්ෂකවරයා රාජකාරියට වාර්තා කිරිම සදහා තම කාර් රථයෙන් ගමන් කරමින් සිටියදි බුස්ස ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබාගැනිම සඳහා පොලිමේ නවතා තිබු රථවාහන පෙලේ ගැටි ඇති අතර එම අනතුරෙන් ත්‍රිරෝද රථ 05කට සහ කාර්රථයකට හානිවි ඇති බැව් පොලිසිය පවසයි.
පොලිස් පරික්ෂකවරයා විසින් පැදවු කාර් රථයටද හානිවි ඇති අතර පොලිස් පරික්ෂකවරයාට නින්දයාම නිසා මෙම අනතුර වි ඇති බවද පැවසේ.

රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කුමාර ද සිල්වා මහතාගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.







