දිනසේන රතුගමගේ
63 වැනි ජාත්‍යාන්තර ගණිත ඔලිම්පියාඩ් තරගාවලියට ශ්‍රි ලංකාව නියෝජනය කිරීම සඳහා කිළිනොච්චිය මහා විද්‍යාලයේ දේවේන්ද්‍රන් තිරුකුමාරන් සිසුවා තේරී ඇත.
ලබන ජූලි මාසයේ නෝර්වේ ඔස්ලෝ නුවර පැවැත්වෙන ජාත්‍යාන්තර ගණිත ඔලිම්පියාඩ් තරගය සඳහා ශ්‍රි ලංකාවෙන් සිසුන් හය දෙනෙකු ඇත. දේවේන්ද්‍රන් තිරුකුමාරන් ජාත්‍යාන්තර ගණිත ඔලිම්පියාඩ් තරගයක් නියෝජනය කරන දෙවන අවස්ථාව මෙය බව කිළිනොච්චිය මහා විද්‍යාලයේ විදුහල්පතිනී ජයන්ති තනබාලසිංහම් පැවසුවාය.