ඉන්දියාව විසින් සිය මිත්‍රපාර්ශවීය රටවල් හවුල් කරගනිමින් අති දැවැන්ත යුද පුහුණුවක් මෙම වසර අවසන් වීමටපෙර පැවැත්වීමට තීරණය කර ඇත.
මෙම යුද පුහුණුව ඉන්දියාව අවට මෙන්ම ජපානය ආසන්න මුහුදු සීමා වලද පැවැත්වීමට නියමිත බවද ඉන්දිය ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම ඕස්ට්‍රේලියාව ආසන්නයේදී තවත් විශේෂ යුද පුහුණුවක් පැවැත්වීමට නියමිත බවද වාර්තාවේ.
අදාල යුද පුහුණුවට ඉන්දියාවට අයත් යුද සබ්මැරීන්, ප්‍රහාරක ගුවන්යානා, යුද නැව්, මෙන්ම යුද හෙලිකොප්ටර් යානාද යොදා ගැනීමට නියමිතය. මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය, ජපානය සහ ඔස්ට්‍රේලියාව එක්ව ජපානයට ආසන්නයේද නොවැම්බර් 8ත් 18ත් අතර දින දහයක කාලයේදී මැලබාර් යුද පුහුණුව පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.
මෙම මැලබාර් යුද පුහුණුව ඉන්දියාව, ජපානය, ඇමරිකා එක්සත් ජනපයද සහ ඕස්ට්‍රේලියාව එක්ව පවත්වන අතර එහිදී ඉන්දු පැසිපික් කාලපයේ ආරක්ෂාව තර කිරීම මූලික අරමුණ වී ඇත. මෙම පුහුණුව මේවන විට ලොව පවත්වන ප්‍රබලතම යුධ පුහුණුවක් ලෙසද සලකනු ලබන අතර එහිදී ලොව අති නවීනතම යුද තාක්ෂණය අත්හදා බැලීමද සිදුකරනු ලබයි.
මේ අතර ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉහළ කදුකර ප්‍රදේශවල යුදමය තත්ත්ව වල මුහුණ දීමට සූදානම් වීමට ඉන්දියා චීන දේශ සීමා ආසන්නයේද විශේෂ යුද පුහුණුවක් පැවැත්වීමට කටයුතු සැලසුම්කර තිබේ.
පසුගියදා ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රකාශ කර සිටියේ චීනය සමඟ කටයුතු කිරීමේදී ඉන්දියාව අතිශය වැදැගත් පාර්ශව කරුවෙකු බවයි.







