යළිත් බිහිසුණු පරාජයකි. ඕවර 19.2ක දී සියල්ලන්ම දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකිවූයේ ලකුණු 102කි. නවසීලන්තයට ලකුණු 65ක ජයක් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය.
ලෝක කුසලාන තරගාවලියේ 27 වැනි තරගය ලෙස 1 ඛාණ්ඩයය යටතේ පැවති තරගය පැවැත්වූයේ සිඩ්නි හිදීය.
කාසියේ වාසිය දිනුවේ නවසීලන්ත කණ්ඩායමය. ඔවුහු පළමු පන්දුවට පහර දීම තේරූහ. නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 167ක් ලබා ගත්තේය.
ඒ ග්ලෙන් පිලිපිස් ගේ වර්ණවත් ශතකයක් සමගිනි. ඔහු ලකුණු 104ක් පන්දු 63ක දී රැස් කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නට වඩාගෙන පහර දෙමිනි. ඒ මනරම් ශතකයට හයේ පහර 03ක් සහ හතරේ පහර 10ක් අන්තර්ගත විය.
තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 168කි. ශ්‍රී ලංකා මුල් පෙළ අනුකම්පා විරහිත ලෙස කැන්ගරුවෝ සුනු විසුනු කළහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක්ම පන්දුවාර 4ක් ඇතුළත ලකුණු 8කට දැවී ගියේය.
පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක සහ වනිඳු හසරංග ලකුණු 4 බැගින් ලබා ගත්හ. චාමික කරුණාරත්න ලකුණු 3කි.
භානුක රාජපක්ෂ පන්දු 22ක දී ලකුණු 34ක් රැස් කලේය. භානුකගේ ඔහු ලකුණු 34ට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. එක් අවස්ථාවක දී තරගය මුලුමනින්ම දසුන්ගේ සහ භානුකගේ හිස මත පැටවී තිබිණි. ඔවුන් දෙදෙනා මෙවැනි තරග දිනා දුන් ඉතිහාසයක් තිබිණි. එහෙත් මේ තරගයේ දී ඔවුන් වෙත එල්ල වී තිබුණු පීඩාව ජයග්‍රාහී මානසිකත්වය පළුදු කර ඇති අයුරු පෙනුණි.
නායක දසුන් ශානක ලකුණු 35ක් ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු දෙකක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 102ක් පමණය. පන්දු යැවීමේ දී නවසීලන්තය වෙනුවෙන් සිය ක්‍රිකට් දවියේ හොඳම පන්දු යැවීමක් වාර්තා කළේය. ඔහු පන්දු ඕවර 4 තුළ ලකුණු 13කට කඩුළු 04ක් දවා ගත්තේය.
ටිම් සවුතී පන්දු ඕවර 04ටම ලබා දුන්නේ ලකුණු 12කි. ඒ නිලකුණු පන්දු ඕවරයක් ද සමගිනි. කඩුල්ලක් දවා ගත්තේය.
ලොකී ෆර්ගසන් එක් කඩුල්ලක් ලබා ගත්තේය., මිචෙල් සැන්ට්නර් ලකුණු 21ට කඩුළු 02ක්, ඉෂ් සෝදී පන්දු ඕවර 3.2 දී ලකුණු 21ට කඩුළු 02ක් ලැබීය.







