දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ සිට බෝට්ටුවක ආධාරයෙන් මෙරටට නීති විරෝධී ලෙස සංක්රමණය වූ පුද්ගලයින් පස් දෙනෙකු හා ඔවුන්ට ආධාර සැපයූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම ඌරුමලේ මුහුදු තීරයේදී ඊයේ (3 ) දා අත් අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාවේ මුර යාත්රාවක් මෙම සැක කටයුතු බෝට්ටුව නිරීක්ෂණ ය කිරීමෙන් පසුව එය පරීක්ෂා කොට බැලීමේදී මෙම නීති විරෝධී සංක්රමණිකයින් පස් දෙනා හා ඔවුන්ව රැගෙන එන ලද බෝට්ටුකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
මෙම සංක්රමණිකයින් නාවික හමුදාවට පවසා අත්තේ ඔවුන් යුද සමයේදී උතුරේ සිට ඉන්දියවට පලාගිය පවුවල සාමාජිකයින් බවත් ඉන්දියාවේ සිට ශ්රි ලංකාවට පැමිණීමට ඔවුන් සතුව විශාල මුදලක් නොමැති නිසා ධීවර බෝට්ටුවකට සුළු මුදලක් ගෙවා තලෙයිමන්නාරමට පැමිණීමට සූදානමින් පැමිණි බවත්ය.
මෙම සැකකරුවන් වයස අවුරුදු 27 ත් 42 අතර වව්නියාව, තලෙයිමන්නාරම සහ මන්නාරම යන ප්රදේශයන්හී පදිංචි ශ්රී ලාංකියන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.