ඉන්දියාවේ නයිටිංගේල් යන සදා ආදරණීය ආමන්ත්‍රණයෙන් පිදුම් ලබමින් යුග තුනක් පුරා ලෝකය ආනන්දයට පත් කළ සම්භාවනීය ගායිකා ගායිකා ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වූවාය.
ඇය ගායනයට පිවිසෙන්නේ වයස අවුරුදු 13 දී. ඇගේ පළමු ගීතය පටිගත කරන්නේ වර්ෂ 1942 දීය. දශක හතක් පුරා දිවෙන ඇගේ වෘත්තීය ජීවිතය තුළ ඇයට විවිධ භාෂාවලින් ගීත 30,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ගායනා කළාය.
92 හැවිරිදි ලතා මංගේෂ්කාර් ජනවාරි 11 වන දින කොවිඩ් -19 ආසාදිත බව තහවුරු වූ පසු රෝහල්ගත කරනු ලැබුවාය.
ඊයේ සවස ලතා මංගේෂ්කාර්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ඇගේ සොහොයුරිය, ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ මාධ්‍යයට කීවාය.
කොවිඩ් ආසාදිතවීම නිසා පසුගිය මාසයේ සිට මුම්බායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර් පසුවූයේ අසාධ්‍ය තත්වයෙනි.
එහෙත් දෙදිනකට පෙර ඇය ප්‍රතිකාර ගනිමින් සිටින බ්‍රීච් කැන්ඩි රෝහලේ වෛද්‍යවරයාගේ ප්‍රකාශයකට අනුව ඇයගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරී තිබිණි.
“ ලතා මංගේෂ්කාර්ගේ තත්ත්වය යළිත් නරක අතට හැරී තිබෙනවා. ඇයට කෘත්‍රිම ස්වසනය ලබා දෙනවා. ඇය පසුවන්නේ අසාධ්‍ය තත්ත්වයෙන් ,” බ්‍රීච් කැන්ඩි රෝහලේ වෛද්‍ය ප්‍රතිත් සම්ධානි කීවේ එසේය.
ඇය පසුගිය සතියේ සිට ගතකළේ වෙන්ටිලේටරයේය.







