සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රාර්ථනා සුන් කළ මනුෂ්‍යත්වයේ මෙහෙයුම… මොරොක්කෝවේ පොඩි එකා ජීවිතය හැර යයි!

by editor
පෙබරවාරි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක අවාධනයට ලක් වූ මානුෂීය මෙහෙයුම ඛේදවාචකයකින් නිමා වී ඇත. මොරොක්කෝවේ නළ ළිං කුහරයකට ඇද වැටී එහි සිරවූ පස් හැවිරිදි දරුවා පුංචි රයන්, ජීවිතය හැර ගියේය. ගලවා ගැනීමේ කණ්ඩායම් ඒ අසලට ලඟා වනවිට ඔහු ළිං පත්ලේම මියගොස් සිටියේය.  .

ඉකුත් අඟහරුවාදා පස්වරුවේ දරුවා ළිං කුහරය තුළට ඇද වැටී තිබිණි.    ඊයේ පස්වරුව වනතෙක් දින 04 ක් පුරා ඔහු මුදා ගැනීමට මොරොක්කෝ සහන සේවකයෝ දැඩි පරිශ්‍රමයක් සහිතව මෙහෙයුම දියත් කළහ. දරුවා වෙත ඔක්සිජන් සපයමින්, ඔහුව කැමරාවකින් නිරීක්ෂණය කරමින් ඉවසිලිවන්තව දියත් කළ මෙහෙයුම විය. අවසානයේ දරුවා වෙත සහන කණ්ඩායම් ලඟා වනවිට ඔහු මෙලොව හැර ගොස් තිබුණේය.

“දරුවා මුදාගෙන රෝහල්ගත කළා. ඒත් ඒ වනවිටත් ඔහු අප හැර ගිහින්…“ මොරොක්කෝ රජ මාලිගාව නිවේදනය කළේය.

රයන් නළ ලිං කුහරය තුළට ඇදවැටී තිබුණේ සිය පියා සහ මව සමග ඒ ආසන්නයේ රැඳී සිටි අවස්ථාවේදී ය.  දෙමාපියන් මාධ්‍යයට පැවසුවේ දරුවා තම  අවධානයෙන්  මිදුණු සැනයකින් ළිං කුහරය තුළට ඇදවැටුණු බවය. දරුවා නළ ලිං කුහරය තුළට ඇදවැටී ඇති බව මව්පියන් අනාවරණ කර ගෙන තිබුණේ ඔහුගේ හැඩීම නළ ලිං කුහරය තුළින් ඇසෙන විටය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එම ළිං කුහරය  මීටර් 45 කට වඩා ගැඹුරුය.  එහෙත්  නළ ලිං කුහරයේ මීටර් 32 ක් පමණ ගැඹුරේදී දරුවා සිරවී තිබිණි.

මෙහෙයුම ඇරඹීම –

සිද්ධිය පිළිබඳ බලධාරීන් දැනුවත් කෙරිනි. බදාදා    උදෑසන සිට   ජීවිතාරක්ෂක මෙහෙයුම ආරම්භ විය. අඛණ්ඩව පැය 24 පුරා එය ක්‍රියාත්මක විනි.

සහන කණ්ඩායම්වල සැලසුම වූයේ නළ ළිං කුහරයට ආසන්නයේ පොළව මට්ටමේ සිට ගැඹුරට වලක් සාදා ඒ ඔස්සේ දරුවා සිටින ස්ථානයට ලඟාමය. එහෙත් එය පහසු වූයේ නැත.  ළිං කුහරයේ ගැඹුරු භූ තලය අවට නායයාමේ අවදානමක් මතු වී තිබිණි.  මෙහෙයුම වඩාත් කල්පනාකාරීව සිදුකළ යුතු වූයේය.

මෙහෙයුම අතරතුර දරුවා සිරවී සිටි ළිං කුහරය තුළට ඔක්සිජන් හා ජලය මෙන්ම ආහාර ද කඹයක් ආධාරයෙන් යොමු කලේය.    එම කඹයේ සවිකර තිබූ කැමරාවකින් දරුවාගේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කෙරිනි.

පොඩි එකා වතුර බිව්වා.

“හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕන… පුතා වතුර බිව්වා… කීප සැරයක්ම එයා වතුර බිව්වා…“ කුහරය තුළට යොමු කළ ජලය දරුවා විසින් පානය කරනු තමන් නිරීක්ෂණය කළ බව ඒ තාත්තා මාධ්‍යයට කීවේය.

කෙසේවෙතත් 03 වන දිනය වනවිට දරුවා සිහිමූර්ජා වී සිටින අයුරු නිරීක්ෂණය වී තිබිණි.    ඔහුගේ හිස ප්‍රදේශයට සුලු තුවාල සිදුවී ඇති බව ද  පෙනුණි.  එහෙත් ගලවා ගැනීමේ මෙහෙයුම දියත්කළ පිරිස බලාපොරොත්තු අත් නොහළහ.  සියල්ලගේ ප්‍රාර්ථනාව වූයේ නිරුපද්‍රිතව පොඩි එකා ගොඩ ගැනීමය.  ඔහු එළියට එන තුරු ප්‍රාර්ථනා සහිත මිනිස්සු විශාල ප්‍රමාණයක් අවට රොක් වී සිටියහ.

සුන් වූ ප්‍රාර්ථනා –

ලෝකයේ සංවේදී මිනිස්සු අති මහත් ප්‍රමාණයක් මේ මෙහෙයුමට මානසිකව බැඳී සිටියහ. සමාජ මාධ්‍ය ඔහුගේ ජීවිතය වෙනුවෙන් ප්‍රාර්ථනා පොදි බැඳගෙන සිටියේය.

අවසානයේ සහන සේවකයෝ රයන් වෙත ලඟා වූහ. එහෙත් ලෝකය ප්‍රාර්ථනා කළ තැන ඔහු සිටියේ නැත.  ඔහු සියලු දෙනා හැරගොස් සිටියේය.

එහෙත් එක් දෙයක් පමණක් යලිත් ලෝකය ඉදිරියේ ප්‍රකට වූයේය. ඒ දරුවෙක් වෙනුවෙන් කම්පාවන මිනිසුන් සිටින ලෝකයක් තවමත් ඉතිරිවී ඇති බවය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිදහස් දිනය දා මුලතිව්වල කළු කොඩි දැමූ පිරිස ගැන විශේෂ පරීක්ෂණයක්!

Next Post

ඉන්දියාවේ නයිටිංගේල් – ලතා මංගේෂ්කාර් දිවි සැරියෙන් සමුගනී!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.