පාකිස්තානය තුල මේවන විට නැගී එන සටන්කාමීත්වය මධ්‍යයේ ඇෆ්ගනිස්ථානයේ සිදුවන දැඩි ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් එක්සත් ජනාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් සිය කනස්සල්ල පළකර ඇත.
ඒ අනුව මෙම ත්‍රස්ත ක්‍රියවන් හී වර්ධනය අසල් වැසි රටවල ආරක්ෂාවටද දැඩි තර්ජනයක් වී ඇති බවද ජගත් මහ ලේකම්වරයා පෙන්වා දුන්නේය. ජගත් මහ ලේකම්වරයා විසින් මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝග් හී පැවති මාධ්‍ය හමුවකට ඒක්වූ අවස්ථාවේදීය.
“ජාත්‍යන්තර ප්‍රජාවේ අවශ්‍යතා පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් සහ ඇෆ්ගනිස්ථානයේ අවශ්‍යතා පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් තලේබාන් සංවිධානය විසින් කටයුතු කළ යුතු බව අප විශ්වාස කරනවා.″ යනුවෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පැවසීය.
Guterres මෙම අදහස් පළ කළේ, පාකිස්ථානයේ පොලිස් ස්ථානයකට පසුගියදා එල්ල වූ ප්‍රහාරය ඇතුළුව, පාකිස්තානයේ නැගෙන ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
″ජාත්‍යන්තර ප්‍රජාවෙන් තලේබාන් සංවිධානය වෙත් තවත් පැහැදිලි ඉල්ලීමක් තිබේ. එය වන්නේ, ඇෆ්ගනිස්ථානයෙත් පාකිස්තානය ඇතුළු අසල්වැසි රටවලට තර්ජනයක් වන ත්‍රස්තවාදී සංවිධානවල සියලු ආකාර ක්‍රියාකාරකම් නැවැත්විය යුතු වීමයි″ යනුවෙන්ද ඔහු පැවසීය.
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කලාපයේ අනෙකුත් රටවලට ව්‍යාප්ත නොවීමට වග බලා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ගුටරෙස් පැවසීය.