ශ්‍රියානි විජේසිංහ –
මේ දිනවල දරුවන් අතර ශ්වසන රෝගයන් ඉහළ යමින් පවතින බවත් ඒ අතර නියුමෝනියා රෝග තත්තවයන්ගේ වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සඳහන් කරයි.
ශ්වසන රෝගයන් හේතුවෙන් ප්‍රතිකාර සඳහා බාහිර රෝගී අංශය වෙත පැමිණෙන දරුවන්ගේ සහ රෝහල් ගතකරන දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද විශේෂඥවරයා පෙන්වාදේ.
ඉන්ප්ලුවන්සාව, ඇඳුම , හතිය, වැනි ශ්වසන රෝගයන් මෙන්ම කොවිඩ රෝගයද පැතිර යනබවට සැක කළ හැකි විශේෂඥවරයා පෙන්වා දෙන අතරම මෙම රෝගයන්ගෙන් බේරීම සඳහා මුවආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතයට දරුවන් හා වැඩිහිටියන් වහාම යොමු වන්නැයිද සඳහන් කරයි.
අඳුම හතිය වැනි ශ්වසන රෝගයන්ට ප්‍රතිකාර ගත් දරුවන්ට එම ප්‍රතිකාරයන් නොකඩවා ලබා දීමට වැඩිහිටියන් අමතක නොකල යුතු බවද හෙතෙම පෙන්වාදේ.