ගල් අඟුරු හිඟය දැඩිව උග්‍ර වී තිබේ. මේ ඔබ දකින්නේ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු අංගනයයි.
මේ වනවිට නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් ගල් අඟුරු හිඟය හේතුවෙන් අක්‍රීය කර ඇත. නැවත ගල් අඟුරු නැවක් එනු ඇත්තේ ලබන ජනවාරි 06 ය. එය ගොඩබා ගන්නා විට ජනවාරි 11වත් වනු ඇත. පූර්ණ ධාරිතාවෙන් නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරාය පවත්වා ගැනීම සඳහා ගල් අඟුරු නැවු 37ක් ලබන අප්‍රේල් 15 වැනිදාට පෙර ගෙන්වා ගත යුතුය.
“ එක ගල් අඟුරු නැවක් බාන්න දින පහක් යනවා. කාලය ඉතාම සීමිතයි. දවස් පහකට සැරයක් නැවක් ආවත් ගල් අඟුරු ප්‍රමාණය ගෙන්වා ගන්න දැන් කාලය මදි“ විදුලි ඉංජිනේරු සංගමය කීවේය. ඇමති කාංචන විජේසේකර කීවේ කෙසේ හෝ විදුලිය ලබා දෙන බවය. දිනකට පැය 10කට ආසන්න විදුලි කප්පාදුවක් ගැන කී විදුලි ඉංජිනේරු සංගමය ත්‍රස්තවාදී සංවිධානයක් බවය. එම සංගමයට එරෙහි දැන් ඔහු නීතිය ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේය.
විදුලි ඉංජිනේර සංගමය සහ ඇමතිවරයාගේ ගැටුම පසෙකින් තබන්න.
ඔබ මේ දකින හිස් අවකාශය අපට කියනු ඇත්තේ කුමක් ද?