සුරතල් සුනඛයෙකු ලිංගිකව අපයෝජනය කරන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විකාශය වූ ආන්දෝලනාත්මක වීඩියෝවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති උපදේශක ආශු මාරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
“මේ අසත්‍ය සිදුවීම දැන් අධිකරණයේ තියෙනවා. ඒ නිසා මම මේ ගැන වැඩිදුර අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ. මගේ නීතිඥවරයා සියලු විස්තර පැහැදිලි කරයි” යනුවෙන් මහාචාර්ය මාරසිංහ මාධ්‍යයට ප්‍රකාශ කළේය.
“මගේ සේවාදායකයා වන මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධයෙන් පිළිකුල් සහගත අසත්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා” යනුවෙන් ආශු මාරසිංහගේ නීතිඥ ප්‍රවී කරුණාරත්න මාධ්‍යයට කීවේය.
කරුණු විකෘති කරන” ඡායාරූප කිහිපයක් ඉදිරිපත් කරමින් ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ බවද ඔහු පැවසීය.
“මෙය සිදුවීමට පෙර, පවතින තර්ජනය සම්බන්ධයෙන් මගේ සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා. මෙම තර්ජනය පැමිණෙන්නේ මගේ සේවාදායකයා සහ කාන්තාවක් ඔවුන් අධ්‍යක්ෂවරුන් වන සමාගමක විශාල මුදලක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති පසුබිමක යි. මගේ සේවාදායකයා වැඩිදුර පරීක්ෂණ සඳහා අද රහස් පොලිසියට තවත් ප්‍රකාශයක් ලබා දුන්නා” ප්‍රවි කරුණාරත්න කීවේය.
සිකුරාදා (23) ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ උපදේශකවරයා සුනඛයෙකුට ලිංගික අතවර කළ බව කියන පිළිකුල් සහගත වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරසයක් ආකාරයෙන් පැතිර ගියේය.
මෙම වීඩියෝව ගැන හෙළි කිරීමට පැය කීපයකට පෙර ජනාධිපති උපදේශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ පෞද්ගලික හේතූවක් බව ප්‍රකාශ කරමින් ඉල්ලා අස්විය.
51 හැවිරිදි ආශු මාරසිංහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කර 2017-2020 දක්වා ව්‍යවස්ථාදායකයේ කටයුතු කළේය.