කොළඹ – දිලංගා ගෝමස් –
ඇමරිකානු තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය එකට එක්ව ගල්කිස්ස වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (19) උදෑසන සිදු කෙරිණි.
ඒ සඳහා මෙරට ඇමරිකානු තානාපතිනිය ජූලි ජේ. චංග් ද සහභාගී වූවාය.
ඇයද වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ කටයුතු වලට දායක වූයේය ක්රියාශීලීවය. ගල් පර අතර ඇති දිරාපත් නොවන ද්‍රව්‍ය ඇය විසින් එකතුකර සිය උරය තුළට දමා ගනිමින් සිටියාය.
මේ අවස්ථාවට මනරම් සුදු ඇඳුමින් සැරසුන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ද එක්ව වී සිටිනු පෙනුනි.
ඔහු හාත්පස ගාම්භීරව ඇවිදිමින් ඇමරිකානු තානාපතියට එකතු කළ යුතු කුණු පෙන්වා දෙමින් සිටි අයුරු දුටුවන් තුළ ඇති කළ හැඟීම සම්බන්ධව කිසිවක් සටහන් නොකිරීමට වග බලා ගනිමි.