ක්‍රීඩා ඇමතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව ක්‍රීඩා සංගම් රැසක මීළඟ නිලවරණය සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිට අපේක්ෂා භංගත්වයට පත්ව ඇති පිරිසක් එම නව ගැසට් පත්‍රයට එරෙහිව නඩු මගට බැසීම සඳහා නීති විශාරදයින් සමග සාකච්ඡා පවත්වමින් ඇතැයි ලංකාසරට වාර්තා වේ.
මේ ගැසට්ටුව හේතුවෙන් මෙවර නිලවරණ සඳහා සැරසී සිටි බොහෝ දෙනෙකුට එම අවස්ථාව අහිමි වී ඇතැයි දැනගන්නට ඇත. වසර තුනක වත්කම් බැරකම් ප්‍රකාශනයක් ලබා දිය යුතු බවට දැක්වෙන නව රෙගුලාසියට අනුව තම වත්කම් ප්‍රකාශ කිරීමද ඔවුන්ට ප්‍රශ්නයක් වී තිබේ.
මේ අතර ඇතැම් ප්‍රධාන පෙළේ ක්‍රීඩා සංගම්වලට පාපැදියෙන් පැමිණ පසුව සුඛෝපබෝගී වාහන හා රට වටා ඉඩම් මිළදී ගෙන හදිසියේ ධනපතියන් බවට පත් වූ කිහිප දෙනෙකුද සිටින බව වාර්තා වේ.
ක්‍රීඩා සංගම් කිහිපයක නිලධාරීන් එක්ව ක්‍රීඩා ඇමතිවරයාගේ නව ගැසට් පත්‍රයෙන් පනවා ඇති රෙගුලාසි වලට එරෙහිව නඩු මගට බැසීම සඳහා නීති විශාරදයන් සමග සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වන්නේ මේ පසුබිමේදී ය.
තවත් කිහිප දෙනකුට ප්‍රශ්නයක් වී ඇත්තේ 70 වයස් සීමාව ගැනය. මෙය තමන්ගේ මානව හිමිකම් කඩ වීමක් ලෙස ඔවුහු අර්ථ දක්වති.