අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පා පන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට… ජාතිය රංජනය කළ ලෝක කුසලානය දිනා දී මෙසී සමු ගනී…

by editor
දෙසැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අසරිමත් ක්‍රීඩා මංගල්‍යය නිමා කරමින් අතිශය උද්වේගකර  අවසන් මහා තරගයකින් අනතුරුව  2022  ලෝක කුසලාන පාපන්දු ශූරතාවය ආර්ජන්ටිනාව විසින් දිනා ගත්තේය. කටාරයේ ලුසලි ක්‍රීඩාංගණයේදී තරගය ඊයේ රාත්‍රී  ශ්‍රී ලංකා වෙලාවෙන් 8.30ට ආරම්භ වූයේය. 

ලෝකයේ  වැඩිම පිරිසක් එක අවකාශයක එක් ඉලක්කයක් කරා යොමු කළ ලෝක කුසලාන අවසන් මහා තරගය  පරිමාප්තයෙන්ම ක්‍රීඩාවේ ආකර්ශනය පිරී ගිය තරගයක් වූයේය.

මෙසී ගෝල දෙකක්….

තරගයේ මුල් අර්ධය මුලුමනින්ම පැවතුනේ ආර්ජන්ටිනාව අතේය. ගෝල 2 -0 ලෙස ආර්ජන්ටිනාව ප්‍රංශ යටකොට සිටියේය. ප්‍රංශ තරුව  කෙලින් එම්බැපේ  සිටියේ මුලුමනින්ම වැසී ගොස්ය. අතිශය ආකර්ශනීය සහ වේගවත් ක්‍රීඩා විලාශයක් ප්‍රකට කරමින් කණ්ඩායමක් ලෙස ආර්ජන්ටිනාව ක්‍රීඩා කළේය.

ලියෝනල් මෙසී 23 වැනි මිනිත්තුවේ දී  ප්‍රංශ දැල් රකින්නා මුලුමනින්ම මුලා කරමින් විශිෂ්ට දඬුවම් පහරක් ලබා ගත්තේය. අනතුරුව 36 වැනි මිනිත්තුවේ දී  කණ්ඩායමේ සංකලනයක් ලෙසින් දැල අසලට ගෙනා පන්දුව ඒන්ජල් ඩිමාරියා   විසින්   විශිෂ්ට ගෝලයක් බවට පරිවර්තනය කළේය.

ඒන්ජල් ඩිමාරියා

එහෙත් දෙවැනි අර්ධයේ ප්‍රංශ කණ්ඩායමේ ජවය මතුවී ආවේය. කෙලින් එම්පැපේ  වසා දැමීමට දෙවැනි ආර්ධයේ දී ආජන්ටිනා ක්‍රීඩකයින්ට කිසිසේත් හැකි වූයේ නැත.  දෙවැනි අර්ධයේ 80 වැනි මිනිත්තුවේ දඬුවම් පහරකින් මුල් ගෝලය වාර්තා කළ එම්බැපේ ඉන් මිනිත්තුවකින් අනතුරුව දෙවැනි ගෝලය වාර්තා කළේය.  ගෝල සම වී අතිරේක කාලය දක්වා තරගය දිව ගියේය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ එම්බැපේ

අතිරේක කාලයේ 108 වැනි මිනිත්තුවේ දී   ලයනොල් මෙසී යළිත් ක්‍රියාත්මක වූයේය. ඔහු අවසන් තරගයේ දෙවැනි ගෝලය වාර්තා කළේය. ආර්ජන්ටිනාව යළිත් ඉදිරියෙනි. ඒ 3-2ක් ලෙසය.

එහෙත් 118 වැනි මිනිත්තුවේ දී ආර්ජන්ටිනා දැල් රකින්නා මුළුමනින්ම පරදවමින් එල්ල කළ දඬුවම් පහරකින් සිය තුන්වන ගෝලය වාර්තා කළ එම්බැපේ තරගය සම කළේය. අවසන් මහා තරගයේ දි එම්බැපේ ගෝල ත්‍රිත්වයක් වාර්තා කර තිබණි.

අනතුරුව දඬුවම් පහරින් තරගයේ ඉරණම තෝරන අවස්ථාවට එළඹිනි. ඒ වනවිට තරගාවලියේ දි  එම්බැපේ ගෝල 08ක් වාර්තා කරමින් ලෝක ඉතිහාසයට එක් වන්නේ පේලේගෙන් අනතුරුව ලෝක කුසලාන තරගාවලියක දී වැඩිම ගෝල රැස්කළ ලාබාලම ක්‍රීඩකයා ලෙසය. මෙවර රන් සපත්තුවත් ඔහුටය.

දඬුවම් පහර ලෝක කුසලානය වෙත ආර්ජන්ටිනාව ගෙන ගිය මොහොත…

කෙසේ වෙතත් අවසන් මහා තරගයේ ඉරණම තීරණය කරන දඬුවම් පහර 4-2 ක් ලෙස වාර්තා කරමින් ආර්ජන්ටිනාව 2022 ලෝක කුසලාන පාපන්දු ශූරතාව දිනා ගත්තේය.

ලෝකයේ පාපන්දු සලකුණක් බවට පත්වූ ලයනොල් මෙසී අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාවෙන් සමුගත්තේය. ඒ  තුන්වන වරට සිය ජාතිය ලෝක කුසලානයකින් අභිෂේක කරවමිනි.

තරගයේ විශේෂ අවස්ථා පහත දිගුවෙන් නැරඹිය හැකිය….

https://www.fifa.com/fifaplus/en/watch/63XwuAOoqYgNW0Q3E9PxJG

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රන් බුදු පිළිමයක් සොයා නිවසකට ඇතුළු වූ බොදුබල සේනාවේ යැයි කියන චීවරධාරියෙක් සහ 06ක් පොලිස් අත්අඩංගුවට…

Next Post

ඇමතිවරයාගේ ගැසට්ටුවට එරෙහිව ක්‍රීඩා සංගම් බලධාරීන් පිරිසක් නඩු කියන්න සැරසෙයි!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.