සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිලා 60කට රට යන්න ඩොලර් දුන්නේ වෙනම බැංකුවකින්දැයි රාජිත අසයි!

by Lanka Sara Editor
දෙසැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අමාත්‍යවරුන් 60 දෙනකු පමණ විදේශ සංචාරවලට ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇති බවත් රට ඩොලර් අර්බුදයක සිටිද්දී ඔවුන්ට ඩොලර් නිකුත් කිරීමට වෙනම බැංකුවක් ඇත්දැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විමසා සිටී.

අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු කිසිවක් ගැනීමට ඩොලර් නොමැති අතර ලබන වසරේ මුල් බාගය වනවිට මේ රට බංකොලොත් රාජ්‍යයක් බවට ලෝකය පිළිගනු ඇතැයි ද හෙතෙම කියාසිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“මේ රට ඉතාමත්ම අරාජික තත්වයට වැටිලා එන වසරේ මුල වනවිට බංකොලොත් රාජ්‍යයක් බවට ලෝකය පිළිගන්නා තත්ත්වයට පත්වෙන්න පුළුවන් මිනිසුන් සාගතයකට ඇදවැටෙන තත්ත්වයකට රට ගමන් කරමින් තිබෙනවා. මේ සඳහා කිසිම විසඳුමක් රජයට නැහැ. ජනාධිපති ගිහිල්ලා ආවා දැන් මුදල් ඇමති රටේ නැහැ. නිවාඩු ගත කරන්න මව්රටට ගිහිල්ලා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අද ආහාර හිඟයි එළවළු මිල උසට ගිහිල්ලා පිටරටින් ගෙන බොහෝ ආහාර ද්‍රව්‍ය මිල පාලනය කරල නැහැ ණය වාරික ගෙවන්න සල්ලි නෑ විදේශවලට අධ්‍යාපනය ලබන දරුවන්ට ඒ දෙමාපියන් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා දරුවන්ට සල්ලි යවන්න විදියක් නෑ බොහෝ අම්මලා තාත්තාලා ඩොලර් 251 ක් වියදම් කරලා හොර මාර්ගයෙන් ඩොලර් අරගෙන තමයි ඒ දරුවන්ට යන්නේ ගත්තම ඒ දරුවාට ඉගෙනගන්න සල්ලි නැහැ කෑම කන්න විදිය නැහැ. මේ හැමදේම තියෙද්දී මැති ඇමතිවරු සංචාරය කරනවා. අද පුවත්පත් වල තියෙනවා මැති ඇමතිවරු හැටක් පමණ පිටරට යනවා කියලා. ඒගොල්ලන්ට කොහෙන්ද ඩොලර් වෙනම බැංකුවක් තියෙනවා ද ඩොලර් දෙන්න. දරුවන්ට අධ්‍යාපනය ලබන්න, මිනිස්සුන්ට කන්න බෙහෙත් ටික ගන්න සල්ලි නැත්නම් මේවට කොහෙන්ද සල්ලි. මේ අය ගිහිල්ලා පිටරටවල හොඳයි ඉඳලා කෑම කාලා සංචාරය කරලා එන්නේ. ඩොලර් විශාල ප්‍රමාණයක් ඕන ඒවා කොහෙද දෙන්නේ.

ඇතැම් අය මේ අර්බුදයට හේතුව කොරෝනා වසංගතයේ කියනවා. ඒක අමූලික බොරුවක්. කොරෝනා වසංගතයේ න් පස්සේ අනෙකුත් අපේ ආසන්න රටවල් ආර්ථික තත්ත්වය වැටුණේ නැහැ. ඩොලරයේ අගය 1.9% කින් අවපාත වෙලා. ශ්‍රී ලංකාව 11.9% කින් අඩු වෙනකොට පාකිස්තානය අඩුවුණේ සියයට 8කින් බංග්ලාදේශය 4.4%කින් නේපාලය 2.48% කින් ඉන්දියාව 2.23 %කින් භූතානය 2.48% ඇෆ්ගනිස්තානය 3.3% කින් අපි ඩොලර් එක ඉහළ යන ප්‍රමාණය 11.9 %මෙම රාජ්‍යයන් වලින් අවපාත වීමක් තිබෙන එකම රට අපේ රට ඩොලර් එක කඩාගෙන වැටෙන්නේ කොරෝන කියලා කියන්න බැහැ මේ කියපු රටවල් සියල්ල අපිටත් වැඩිය කොරෝනා වලින් මුහුණ දුන්නා.

කොරෝනා වලින් පස්සේ විදේශ සංචිතයට මොකද උනේ බංගලාදේශයේ 2019 තිබුනේ බිලියන 33 මේ වෙනකොට බිලියන 47කට වැඩිවෙලා චීනය බිලියන 3100 තිබුණා මේ වෙනකොට 3222 දක්වා වැඩි වෙලා ඉන්දියාව කොරෝනා ඉතාමත් නරක තත්ත්වයක් තිබුණේ එහේ ඩොලර් මිලියන 450 තිබුණේ දැන් 638 තියෙනවා මැලේසියාවේ බිලියන ඩොලර් එකසිය හයක් තිබුණා දැන් එකසිය දාසයක් සිංගප්පූරුව 280 යි දැන් 480 දකුණු කොරියාවේ 400 දහයයි දැන් 464 තායිලන්තය 224 දැන් 246 වියට්නාමය හැත්ත නමයයි දැන් 105යි හැම රටකම විදේශ සංචිත වැඩි වෙලා අපි සැප්තැම්බර් වෙනකොට තිබුණා ඩොලර් බිලියන හතයි දශම දෙකක් අපි කඩාගෙන වැටිලා තියෙනවා ඩොලර් බිලියනයකට වසංගතයට ලක් වූ සියලුම රටවල් වලින් ඩොලර් සංචිත අඩු වුණේ අපේ රට විතරයි එයට ප්‍රධානම හේතුව ඉන්ධන පාවිච්චි ඉතාම අඩු ප්‍රමාණයකට ගමන් කිරීම.

ලෝකයේ ආර්ථිකයන් ගත්තම අපි ආජන්ටිනාවට විතරයි ඉහළින් එන්නේ සියලුම රටවල් වලින් අපි පහල ඉන්නේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ප්‍රකාශයට පත් කරපු දෙයක් මේ තත්ත්වයට අද ලෝකයේ බංකොලොත්ම දුර්වලම ආර්ථිකයක් බවට මේ රජය අවුරුදු දෙකක් තුළ රට පත් කරලා තියෙනවා.

මුදල් ඇමතිවරයා පහුගිය කාලය තුල යෝජනා ගණනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා එය ඩොලර් අර්බුදයෙන් බේරීම සඳහා එහි දී මුදල් වෙන් කර තිබූ ඉදි කිරීම් ආරම්භ නොකර ව්‍යාපෘති හදන්න එපා කියලා යෝජනා කරා. කිසිම බඳවා ගැනීමක් සිදු නොකරන ලෙසත් යෝජනා කරා. අඩුආදායම් ලාභීන් ගේ ලේඛන නැවත සමාලෝචනය කර අවශ්‍ය අයට පමණක් දෙන්න සීමා කරා එහිදී අපි දන්නෙ නෑ අඩු ආදායම්ලාභීන්ගේ මොනවා කප්පාදු කරයි ද කියලා කිසිම අමාත්‍යංශයක කැබිනට් තීන්දුවක් නැතුව සහනයක් දෙන්න බැරි බවත් දීමනා කප්පාදු කරන ලෙසත් යෝජනා කරා නොයෙකුත් සහනාධාර දෙන සුබසාධන වැඩ නතර කරන්න යෝජනා කළා මේක තමයි අද තත්ත්වය.

මෙවැනි තත්වයක් යටතේ ආණ්ඩුවට කරගන්න දෙයක් නැහැ එන අවුරුද්දට ඩොලර බිලියන 6.6 ක් ආණ්ඩුව සල්ලි ගෙවන්න තියෙනවා එහි පලවෙනි ගෙවීම ඩොලර් මිලියන පන්සිය ගණනක් වගේ ජනවාරි 18 වැනිදා ගෙවන්න ඕන ඒකට තමයි ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ ණයක් ඉල්ල ගත්තා ඒක අත මාරුවක් විදිහට විශාල අර්බුදයක ඉන්නේ ඉන්ධන, ඖෂධ ,ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම ගේන්න ඩොලර් මිලියන පන්සියයයි ඉතුරු වෙන්නේ ලංකා ඉතිහාසයේ කිසිම දවසක මෙහෙම තත්ත්වයක් වෙලා නැහැ.

විකල්පයක් හැටියට ඉඩම් 50ක් ලහිලහියේ විකුණන්න ලෑස්ති කරනවා ඒ සඳහා ඩොලර් බිලියන හයක් උපයගන්න ව්‍යාපෘති පහක් වෙනුවෙන් අත්සන් කරනු ලබනවා ඒ ඉඩම් හය ඩී ආර් විජේවර්ධන මාවතේ තියෙන ගුවන් හමුදා ඉඩම දෙනවා විකුණන්න තමයි දේශප්‍රේමී රණවිරුවා ගෙනාවේ නාරාහේන්පිට දෙමටගොඩ ඔරුගොඩවත්ත තුන්මුල්ල තලවතුගොඩ එම ප්‍රදේශවල තියෙන ඉඩම් ඇතුළුව ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය විකුනනවා මහජන බැංකුව රැජිණ ශාඛාව විකුණුවා ගමනා සංකීර්ණය විකුණනවා වෙන්දේසිය දානය දන් තියෙනවා එය විදේශ කටයුතු අමාත්‍යාංශය ගොඩනැගිල්ල එම ගොඩනැගිල්ලේ තමයි ඒ කාලේ කැබිනට් මණ්ඩලය ඩී එස් සේනානායක මහත්තයා ඉඳලා බණ්ඩාරනායක මැතිනිය ඇතුළු ඔක්කොම කැබිනට් මණ්ඩලය පැවැත්වීම ගොඩනැගිල්ලේ ඒ ඓතිහාසික ගොඩනැගිල්ලක් ලංකාවට නිදහස ලැබුනට පස්සේ ගත්ත සියලූ තීන්දු තීරණ ගත්තේ මෙම ගොඩනැගිල්ලේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ගෆූර් ගොඩනැගිල්ල යෝර්ක් ගොඩනැගිල්ල හිල්ටන් හෝටලය තැපැල් මූලස්ථානය මහජන බැංකු මුලස්ථානය සී-නෝර් ගොඩනැගිල්ල මේ වගේ කොළඹ ඩී ආර් විජයවර්ධන ඇතුළු අනිකුත් තැන්වල ගොඩනැගිලි විකුණනවා ඒ වගේම තවත් ඉඩම් ගාල්ල මාතර මහනුවර බෝගම්බර නුවරඑළිය කුරුණෑගල යාපනය වව්නියාව අනුරාධපුර මුළු ලංකාව පුරාම තියෙන ඉඩම් ඔක්කොම ගණන් හදලා විකුනනවා.

ඒ වෙනුවෙන් දැනට නම් කරගෙන ඉන්නේ චීනය ඩුබායි එක්සත් ඇමරිකානු ඉන්දියාවක් මැලේසියාව සුරාන්තය සහ ලංකාවේ සමහර ව්‍යාපාරිකයන්.

අද අන්තිමටම බංකොලොත් වෙලා සියලු දේපල විකුණන තත්ත්වයට පත්වෙලා ධනපතියෝ බංකොලොත් වෙනකොට ඇතිවෙන රෝග ලක්ෂණ සියල්ල මේ ආණ්ඩුව ඇවිල්ලා අද ඩොලර්ලුත් නෑ විදේශ සංචිත බිංදුවට බැහැලා. ලෝකෙ තියෙන නරකම ආර්ථිකය බවට පත්වෙලා. ඒ විතරක් නෙමෙයි මේ රටට ගෙන ආහාර ගේන්න සල්ලි නෑ ඖෂධ කියන්න සල්ලි නෑ ඖෂධ සංග්‍රහයේ ඖෂධ 755ක් විතර තියෙනව. ඒවගෙන් අත්‍යවශ්‍ය ඖෂධ හැටක් පමණ හිඟයි ජීවිතාරක්ෂක බෙහෙතුත් නැහැ. සර්පයෙක් කාලා රෝහලට ආවම ජීවිතය බේරගන්න වශ්‍ය වෙන ඉන්ජෙක්ෂන් එක වත් නැහැ ඒ බව පහුගිය දවසක පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා.

රටේ ඩොලර් නැතිවුනත් චීනයෙන් ගෙන අසූචි වලට ඒවා ගන්නෙත් නැතුව ගිහිල්ලා අපිට විරුද්ධව නඩුවක් දානවා කිව්වා කියලා ඒකට ඩොලර් මිලියන 6.7 ක් ගෙවන්න ලෑස්ති කරනවා එම මුදල ගෙවන්නේ දෙවරක් අපි ප්‍රතික්ෂේප කර පොහොර වලට මොකක්ද මේ පොහොර වල ඇත්ත කතාව චීනයෙ ඇල්ගී දාන්න තැනක් නැති නිසා ඒවා පොහොර කරනවා නමුත් එහි තිබෙන බැරලෝහ ප්‍රමාණය ගැන පරීක්ෂන කරලා නැහැ. කැඩ්මියම් ආසනික් මිනිස්සු රෝගාතුර වෙනවා ලෙඩුන් බවට පත්වෙන මේ බැර ලෝහ අද වැඩ පුර පරීක්ෂණ කරල නැහැ කොච්චරක් පොටැසියම් phosporous නයිට්‍රජන් තුන් ඇයිද කියලා හොයාගෙන නැහැ මූලිකම ගොවිතැනට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තියෙනවද කියල හොයල නෑ මේ පිළිබඳව මහාචාර්ය අනුර කුමාර අධ්‍යයනයක් කරලා ලැබුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පීඨය අද වෙනතුරු එකක්වත් මෙම පරීක්ෂණ කරන නැහැ.

කෘෂිකර්මය ගැන හොඳටම දන්නවා ඒ ඉන්නේ ාබනික පොහොර ගැන හොයන්න හොඳම කට්ටිය ඉන්නෙ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය ඒ පිළිබඳ විශේෂඥවරු ඉන්නවා මහාචාර්ය බුද්ධි මාරඹේ වැනි අය ලෝකයම පිළිගන්නවා ඕනම ජාත්‍යන්තර සමුළුවක සැසිවාර දෙකක්වත් මූලාසනය ගන්නෙ මාර මේ මහාචාර්යවරයා ඒ වැනි විද්වතුන් ලංකාවේ ඉන්නවනම් ඒගොල්ලන්ට හරි පහසුවෙන් ඒවා හොයාගන්න පුළුවන්

ඔරකල් ගැන 5G ගැන කතා කරලා ඥාන අක්කගේ අහගෙන කරන මේ වැඩ හින්දා අද මේ රට වෙනස් පැත්තකට ගමන් කරනවා අද මේ වෙනකොට එක පැත්තකින් පොහොර නෑ කෑම නෑ ඖෂධ නෑ gas නැතිවෙලා ඒවා පිපිරෙන්න පටන් අෆන් දැන් ඒකට බය වෙලා ගෑස් නව ආපහු හරඹලා ඇරියා එහි ප්‍රමිතිය නැහැ කියලා එතකොට මෙච්චර කල් ගෑස් ගෙනාවා ප්‍රමිතිය බැලුවෙ නැද්ද මෙහෙම විහිලුවක් තිබුණේ නැහැ ගෑස් නැව් හර වල යවලා නැහැ කොමිස් ගැහිලි නිසා තියෙන ප්‍රශ්න චීනයේ පොහොර නැව් වලට නිකන් ගෙවනවා මිලියන 6.7 ඒකට සල්ලි තියෙනවා ඒක ගන්න ඕන ඕඩර් කරපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඉන්ද්‍රගෙ නෙමෙයිද මේව ගන්න ඕන ඒ අයගෙන් අය කර ගන්නේ නැතුව රටේ මිනිස්සුන්ගෙන් අය කරගන්න හදනවා රටේ මිනිස්සු පිණසත් වෙලා වන්දි ගෙවනවා ගෙනාපු මිනිස්සු දොර අරගෙන පිටරට යනවා පුදුම නීතියක් ගෑස් නෑ කවුද මේ තත්වයේ ඇති කවුද ප්‍රමිතියේ වෙනස් කළේ කවුද ඒ අයට කියන්න ඕන මේ වගේ වන්නේ කියලා නඩුවක් දාලා දඩුවම් දෙන්න ඕන ඒ අය සනීපෙට ඉන්නවා ලංකාවේ කාන්තාවක් මැරුන දරුවා හතරදෙනෙක් තව කීප තැනක තුවාල වුණා මාජ මාධ්‍යයේ තියෙනවා කුස්සියට යනවා කියන්නේ නන්දිකඩාල්වල ට යනවා මගේ කියලා ඒ තරම් බය කියන්නේ කාන්තාවක් හෙල්මට් එකක් දාගෙන උයන්නේ මොනවා උනත් ඔලුව බේරගන්න එවැනි තත්වයක් අද ඇතිවෙලා තියෙන්නේ. මියගිය තුවාල වුණු හානි සිදුවන සියලු මිනිස්සුන්ටත් වන්දි ගෙවන්න කියලා රජයට කියනවා.

ඉදිරි ජනවාරි වල යුරෝපා මානව හිමිකම් සංගමය එනවා එහිදී දමන තහංචි වලට මේ රජය සූදානම් ද අපි දන්නේ නැහැ ඒ කේ ජී ටී එකත් අහිමි කරත් තවත් මේ රට කඩාගෙන වැටෙනවා මාර්තු මාසේ එනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ඒකෙ අපිට ආරංචි තමයි මේ රජයට විරුද්ධව තහංචි දානවා මොකද මේ කට්ටිය ඇමරිකාවේ හිටියට ලෝකෙ දැකලා නැහැ මේගොල්ලෝ ඇමරිකාවේ නෙවෙයි බලුකිස්ථානයේ මිනිස්සු තරම්වත් ලෝකය ගැන දන්නේ නැහැ ේ වසරේ මානව හිමිකම් කඩු රටවල් 45 අප රට ලංකාවයි වැටිලා ඒ නිසා ඉදිරියට මානව හිමිකම් කොමිසන් සභා වල ජාත්‍යන්තර නඩු පවරනවා ඒ ගැන හොයා බලන්න සියල්ලට මුහුණ දෙන්නට වෙන වර්ගයක් තමයි 2020 2 තීරණාත්මක වර්ෂයක් බවට පත් වෙනවා මේ රටේ විශාල පෙරළි ඇති වෙනවා ආණ්ඩු පෙරළී ඇති වෙයි රටේ නායකයෝ දාලා පැනලා යයි ඒ නායකයොට විරුද්ධව ජාත්‍යන්තර උසාවිවල විභාග පටන් ගනී මේ රට අන්තිම විනාශයකට පත් වෙලා තමයි රට ගලවා ගන්න අපට සිද්ධ වෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සු කී දාහක් මැරිල නවතීද කියන එක දන්නෙ නැහැ

Tags: නවතම
Share69Tweet43
Previous Post

සතියක් තුළ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 02ක් මිය ගිහින්…

Next Post

සාගතයක් එනවා කියනවානම්  කාටවත් දෙස් දෙවොල් නොතියා  තම තමුන් වගා  කරගන්න! – වෙළෙඳ ඇමති…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.